Categories

Facebook විසින් Messenger Video call හරහා Multiplayer Games play කිරීමේ හැකියාව ලබාදෙයි..!

Meta විසින් Facebook Gaming සදහා නවතම විශේෂාංගයක් නිවේදනය කල අතර එමගින් Messenger හි Video call අතරතුර පරිශීලකයන්ට ඔවුා්ගේ ප්රියතම Games ක්රීඩා කිරීමට ඉඩ සලසනු ලබනවා.

මෙම විශේෂාංගය iOS, Android මෙන්ම Web හරහාද ලබාගත හැකියි. විශේෂම කරුණනම් ක්රීඩා කිරීමට පරිශීලකයන්ට Messenger app එක අතවශ්යය නොවීමයි. එනම් වෙබ් එක හරහාද මෙම Games Play කල හැකියි. දැනට Mini Golf FRVR, Card Wars සහ Exploding Kittens මෙන්ම තවත් Games 14ක් Messenger තුල ඇතුලත් කර තිබෙනවා.

කෙසේ නමුත් සැම ක්රීඩාවක්ම කිසියම් ක්රීඩකයින් සංඛ්යාවකට සහය දක්වන අතර බොහො ක්රීඩා පුද්ගලයන් දෙදෙනෙකුට සිමා කර තිබෙනවා. ක්රීඩා වෙත ප්රවේශ වීමට, පරිශීලකයින්ට Messenger හි ඔවුන්ගේ මිතුරන් හෝ පවුලේ අය සමඟ වීඩියෝ ඇමතුමක් ආරම්භ කිරීමට අවශ්ය වන අතර පසුව මැද ඇති Group Mode එක ක්ලික් කර Play හරහා තමන්ට අවශ්ය ගේම්ස් එක තොරා ගත හැකියි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.