2030 වසරේදී විශ්‍රාම ගැනීමෙන් පසු, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ( ISS) විනාශ කිරීම සඳහා NASA ආයතනය විසින් Elon Musk ගේ spaceX වෙත ඩොලර් මිලියන 843ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙනවා.
![]()
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබුණේ Elon Musk ප්රමුඛ කරගෙන ඔවුන් විසින් එක්සත් ජනපද Deorbit වාහනයක් නිපදවීමට තෝරාගෙන ඇති අතර, මෙම වාහනය, අභ්‍යවකාශ මුර පොළ කක්ෂයෙන් ඉවතට ඇද දමමින් වායුගෝලය හරහා පෘථිවි සාගරයට ප්‍රවේශ වීමේදී දැවී යාම සඳහා නිර්මාණය කර තිබෙන බවයි.

2000 වසරේ නොවැම්බරයේ සිට, ජාත්‍යන්තර අභ්‍යාවකාශ ප්‍රජාව තුළ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට කුමක් කළ යුතුද යන්න පිළිබඳව අඛණ්ඩව පැවති සාකච්ඡා වලින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.
වායුගෝලය තුළදී සෑම කොටසක්ම දැවී යාම අපේක්ෂා කළ නොහැකි නිසා, සමහර කොටස් ජනාකීර්ණ ප්‍රදේශ තුළට කඩා වැටීමේ අවදානම අවම කිරීම සඳහායි NASA ආයතනය මෙම Deorbit වාහනය නිර්මාණය කරනු ලබන්නේ.

ISS විනාශ කරන්නේ ඇයි ?
NASA සහ එහි ප්‍රධාන හවුල්කරු Roscosmos (රුශියානු රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව) දැනට ISS හී ක්ෂුද්‍ර කාන්දුවීම් පිළිබඳ ගැටළුව සමග පොර බදිමින් සිටිනවා.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මුලින් නිර්මාණය කරන ලද කොටස් පෘථිවියේ වසර 30ක කාලයක් සඳහා නිර්මාණය කර තිබූ බවත් 2030 වසර වන විට එම මූලික කොටස් බොහොමයක් 32- වසරක ජීවන චක්‍රය සම්පූර්ණ කරන බවත් අභ්‍යාවකාශ ඒජන්සිය සඳහන් කර තිබෙනවා.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විනාශ කිරීමේ සැළසුමට පෙර ඔවුන් විසින් විකල්ප ක්රමයන් කිහිපයක් සාකච්ඡා කර තිබුණත්, ඔවුන් සඳහන් කර තිබුණේ
මානව ඉතිහාසයේ දීර්ඝතම කාර්ය මණ්ඩලයක් සහිත ස්ථානය ක්‍රියා විරහිත කිරීමේ ආරක්ශිතම සහ ආර්ථික සහ තාක්ශණික වශයෙන් කළ හැකි එකම ක්‍රමය මෙය බවයි.











Leave a Reply
View Comments