Categories

ඩුබායි ගෝලීය ක්‍රීඩා මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ඩුබායි හී ඔටුන්න හිමි කුමරු විසින් Gaming Visa ප්‍රකාශයට පත් කරයි

Dubai විසින් ලොව වටා E-gamers ආකර්ශණය කර ගැනීම සඳහා Gaming Visa වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඩුබායි විසින් Content creators ලා ආකර්ශණය කර ගැනීම, රැකියා අවස්ථා ලබා දීම සහ ඒ හරහා පුහුණු අවස්ථා ලබා දීම අරමුණු කරගෙනයි මෙලෙස Gaming Visa වැඩසටහන දියත් කර තිබෙන්නේ.

රැකියා අවස්ථා 30,000ක් උත්පාදනය කිරීම සහ දළ දේශීය නිශ්පාදිතය USD බිලියන 1කින් පමණ වැඩි කිරීම අරමුණු කරගත් Dubai Program for Gaming 2033 සඳහායි ඩුබායි හී ඔටුන්න හිමි කුමරු වන හම්දාන් බින් මොහොමඩ් බින් රශීඩ් අල් මක්ටූම් විසින් මෙම Gaming Visa ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

2033 වන විට ක්‍රීඩා සමාගම් සඳහා හොඳම නගර 10 අතරට ශේණිගත වීම අපේක්ශා කරමින් ඩුබායි Global Gaming hub එකක් බවට පත් කිරීම ඔවුන්ගේ අභිලාශය බවටද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙම certificate එක ලබා ගැනීම සඳහා පුද්ගලයින් විසින් ඔවුන්ගේ අයදුම්පත් නිළ වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත්‍රයේ තත්වය පිළිබඳව අයදුම්කරුවන්ව Email හරහා දැනුම්දීම් සිදු කරනු ලබනවා.

මේ සඳහා අයදුම්කරුවන් වයස 25 සම්පූර්ණ කර තිබිය යුතු අතර ඔවුන්ගේ Proffessional CV එක සමග ඔවුන්ගේ Passport එකෙහි Copy එකක්ද ඉදිරිපත් කළ යුතු වෙනවා.

 

websites – dubai gaming

dubai culture

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.