Categories

Tiktok, ⁣HTML5 පදනම් ක්‍රීඩා ව්‍යාපෘතියක් අරඹයි..!

මාස ගණනකට පස්සෙ TikTok හට ක්‍රීඩා සදහා ප්‍රවේශ වෙන්න අදහසක් පහල වෙලා තිබෙනවා.

 

අදහසත් එක්කම දැන් tiktok තම gaming pilot වැඩසටහන ආරම්භ කරලයි තියෙන්නෙ. එික නිසා රටවල් කිහිපයක පරිශීලකයින්ට දැන් සේවාව තුළ HTML5 මත පදනම් වූ mini games සෙල්ලම් කරන්න පුලුවන්.

ඒවගේම එක්සත් ජනපදය ඇතුළු සමහර රටවල TikTok පරිශීලකයින්ට දැන් HTML5-පාදක mini games වල කුඩා තේරීමකට link අඩංගු වීඩියෝ upload කිරීමටද පුලුවන්.

සමාගමේ අරමුණ වෙලා තියෙන්නෙ ⁣platform එකේ රැදිල ඉන්න මේ gaming feature එක උදව්වක් වෙයිද කියල පරික්ෂා කරන්න.
TikTok වීඩියෝවක් අප්ලොඩ් කරන්න කලින් අවසන් පියවරේදී, පරිශීලකයන්ට “add link “ඔප්ශන් එක යටතේ “MiniGame” කියන බටන් එක බලාගන්න පුලුවන්.
මෙයට FRVR, Lotum, Nitro, Voodoo, සහ Aim Lab ඇතුළු සමාගම් වලින් ලබාදෙන mini games හතෙන් එකක් අපගේ වීඩියෝවට එකතුකරන්න කිරීමට ඉඩ සලසනවා.
වීඩියෝව හරහා එන නරඹන්නන්ට TikTok ඇප් එක තුළ ක්‍රීඩා කිරීමට අවශ්‍යනම් link එක ටච් කිරීම මගින් ක්‍රීඩා කිරීමට පුලුවන්.

නොවැම්බර් මාසයේදී TikTok, Disco Loco සංවර්ධනය කිරීම සඳහා Zynga සමඟ හවුල්කාරිත්වයක් නිවේදනය කර තිබුණා. අග්නිදිග ආසියාතික රටවල TikTok HTML5 ක්‍රීඩා පරීක්ෂා කිරීමේ වාර්තා ද මැයි මාසයේදී පළ වූ නමුත් සමාගම කිසි විටෙකත් ප්‍රවේශ වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරේ නැත.
කෙසේ නමුත් පසුගියදා tiktok එය තහවුරු කලේ, techcrunch වෙත ඔවුන් අවම සති කීපයක සිට රටවල් කීපයක මුල් පරීක්ෂන අවධියක සිටින බව පවසමින්.

වීඩියෝ ක්‍රීඩා, streaming වීඩියෝ, සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය නරඹන්නන්ගේ අවධානය සඳහා එකම තරඟයක යෙදිල ඉන්නව කියල මේකෙන් පැහැදිලිව බලාගන්න පුලුවන්.
එයට තවත් උදාහරණයක් වන්නේ Netflix 2019 දී Fortnite සැලකිය යුතු තරඟකරුවෙකු බව පිළිගෙන එතැන් සිට එහි subscription සේවාවට ක්‍රීඩා ඇතුළත් කිරීමයි

 

Source –Techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.