Categories

Meta විසින් දැන්වීම්-රහිත Instagram හෝ Facebook සඳහා මසකට $14 අය කිරීමට සැලසුම් කරයි

Instagram සහ Facebook පරිශීළකයන්ට, එම යෙදුම් දැන්වීම්-රහිතව භාවිතා කිරීමට මසකට $14ක් ගෙවීමට සිදු විය හැකි බව Meta ප්‍රකාශ කරනවා.

ඒ අනුව යුරෝපයේ Instagram සහ Facebook පරිශීළකයන්ට එම යෙදුම් දැන්වීම්-රහිතව භාවිතා කිරීම සඳහා මසකට €13 ( ආසන්නව Lkr 4,500 ) මුදලක් ගෙවීමට සිදු වෙනවා.

ඒවා App Store සහ Google Play Store යන දෙකෙහිම වඩාත් ජනප්‍රිය යෙදුම් දෙකකි.  නමුත් යුරෝපයේ Instagram සහ Facebook භාවිතා කරන්නන්ට යෙදුම්වල දැන්වීම්-රහිත අනුවාද වෙත ප්‍රවේශ වීම සඳහා මසකට €13 තරම් මුදලක් වැය කිරීමට සිදුවනු ඇත.

Meta ට අනුව දැනට මාසික Facebook භාවිතා කරන්නන් මිලියන 258ක් සිටින අතර Instagram සඳහා සෑම මසකම පරිශීළකයන් මිලියන 257 පමණ සිටිනවා.

මෙම ගෙවීම් සැළැස්ම යටතේ Desktop භාවිතය සඳහා මසකට €10 (ආසන්නව Lkr 3,300) ගෙවීමට සිදු වන අතර ජංගම උපාංග සඳහා මසකට €13 (ආසන්නව LKR 4,500) ගෙවීමට සිදු වෙනවා.

එසේම සෑම අතිරේක ගිණුම් සඳහා (Additional linked accounts) අමතර €6ක් (ආසන්නව LKR 2,000) ද ගෙවීමට සිදු වෙනවා.

App store සහ Google play store මගින් අය කරන කොමිස් සඳහා Meta හට දායක වීමට සිදු වීම මෙම ගෙවීම් සැළැස්ම සඳහා හේතුව ලෙස ඔවුන් පවසනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.