Categories

Meta විසින් ඔවුන්ගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකා සඳහා AI assistant සහාය ඒකාබද්ධ කරමින් Llama 3 සහිත Meta AI assistant නිකුත් කරයි

කෘතීම බුද්ධි ලෝකයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් Meta විසින් ඔවුන්ගේ නවතම Meta AI Chatbot මහජනතාව සඳහා නිකුත් කර තිබෙනවා.

Meta AI නිරූපක සජීවිකරණය

Llama 3 සමග ගොඩනගා තිබෙන Meta AI, ඔවුන්ගේ සියළුම සමාජ මාධ්‍ය වේදිකා සමග ඒකාබද්ධ කරමින් AI assistant සහය ඉදිරිපත් කරමින් වෙනමම META AI නමින් Chatbot එකක්ද එළි දක්වා තිබෙනවා.

විනෝද චාරිකාවක් නිර්දේශ කිරීම සඳහා Meta AI භාවිතයෙන් Instagram සමූහ කතාබහක් පෙන්වන සජීවිකරණය

Meta AI සමඟ WhatsApp කතාබහක් පෙන්වන දුරකථන තිරය

Meta හි යෙදුම් හරහා සෙවීමේදී Meta AI පෙන්වන සජීවිකරණය

 

ඒ අනුව Meta.ai වෙබ් අඩවිය හරහා පරිශීළකයින් හට Meta හී Chatbot භාවිතා කළ හැකි අතර දැනට මෙය ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා පමණක් නිකුත් කර තිබෙනවා.

 

ලැප්ටොප් එකක Meta AI වෙබ් අඩවිය පෙන්වන සජීවිකරණය

 

Meta හී Imagine විශේෂාංගය සමග පරිශීළකයන් හට ඔවුන් කැමති ඡායාරූප ලබා ගත හැකි අතර මෙම රූප ඉතා තියුණු සහ උසස් ආකාරයෙන් පවතිනවා.

WhatsApp කතාබස් එකක Meta AI හි Imagine විශේෂාංගය භාවිතයෙන් ඔබ ටයිප් කරන විට දිස්වන රූප පෙන්වන සජීවිකරණය

 

විශේෂම කරුණක් වන්නේ පරිශීළකයන් හට මෙම රූප animation, gif ආකාරයටද ලබා ගත හැකි වීමයි.

GIF Meta AI හි රූප සජීවිකරණ විශේෂාංගය පෙන්වයි

 

 

source: Meta

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.