තාක්ෂණයේ දියුණුවීම මිනිසාට හිතකර වගේම අහිතකර ලෙසත් සමානව බලපැමක් ඇති කර තිබෙනවා.
ඇමරිකාව තුල ආයුධ මගින් අහිමිවන විශාල ජීවිත ගනනට පිලියමක් ලෙස ප්‍රචණ්ඩ සිදුවීම් අවම කරලීමේ අරමුණින් සමාගමක් Fingerprint හා Facial recognition මගින් එන ස්මාර්ට් තුවක්කුවක් නිපදවා තිබෙනවා.
Biofire Smart Gun එක Fingerprint හා Facial recognition වලින් යුක්ත වන අතර Fingerprint sensor එක grip එකට හා Facial recognition එක ආයුධයේ පිටුපසට සවිකර තිබෙනවා.
එයින් මෙහි සැබැ අයිතිකරු සමග පමණක් මෙය ක්‍රියා කරන අතර අනෙකුත් පුද්ගලයන් මත අක්‍රීයව පවතිනවා.
අයිතිකරු අතින් ඉවත්වූ විගස මෙය ස්වයංක්‍රීයව අගුලු වැටෙන අතර එබැවින් කුඩා ලමයින් හො වෙනත් පුද්ගලයින්ට භාවිතා කල නොහැකි වනවා.
එලෙසම අයිිතිකරු අත් හා මුහුණු ආවරණ පැලද සිටියද ඔහුව ක්‍ෂණිකව හදුනාගැනීමේ හැකියාවකින් මෙයට පවතිනවා.
එලෙසම මෙය ආරොපණය කල හැකි බැටරියකින් සමන්විත අතර එක්ආරොපණයකින් මාස කිහිපයක් භාවිතා කල හැකියි.
තුවක්කුවේ නිර්මාතෘ වන Kloepfer, දැනට 26 වන වියේ පසුවන අතර අවුරුදු 15 සිට මේ සදහා වැඩ කරමින් සිට තිබෙනවා.
සමාගම දැන් පෙර ඇණවුම් ලබා ගන්නා අතර ලබන වසර මුල නිශ්පාදන වෙළදපලට නිකුත් කිරීමට සුදානම් වනවා.











Leave a Reply
View Comments