Categories

Python Code එකක දෝෂ Automatically Fix කරන ” වුල්වරින් “

Coding කරන ඕනම කෙනෙක්ට තියන කම්මැලි දෙයක් තමා තමන්ගෙ Code එකේ තියන Bug නැත්තම් දෝෂ හොයන එක. ඉතින් AI වලින් බලගැන්වෙන්න යන මේ ලොකෙ මේකට tools එකක් නැද්ද.?
ඇත්තෙන්ම තියනවා.
ව්‍යවසායකයෙකු AI බලයෙන් ක්‍රියාත්මක වන Wolverine (වුල්වරින්) ලෙස හදුන්වන tool එකක් නිපදවල තියනවා. මේකෙන් අපෙ Python code එකෙ Bug ස්වයංක්‍රීයව සොයාගන්නව වගේම ඒවා අලුත්වැඩියා කර නැවත සැකසීමේ හැකියාවත් තිබෙනවා

Hackaday ට අනුව , “BioBootloader” නම් ක්‍රමලේඛකයෙකු විසින් මෙම Python වැඩසටහන් සදහා “regenerative healing abilities” ලබා දිය හැකි වැඩසටහන නිර්මාණය කර තිබෙනවා.
වැඩසටහන මාර්තු මාසයේදී නිකුත් කරන ලද OpenAI හි GPT-4 Multimodel AI භාෂා ආකෘතියෙන් බලගැන්වෙන අතර දැන් API හරහා ChatGPT Plus පරිශීලකයින්ට සහ බීටා පරීක්ෂකයින්ට ප්‍රවේශ විය හැකියි.

Wolverine demo වීඩියෝවෙන් BioBootloader, “Wolverine” හි දෝෂ සහිත calculator script එකක් රන් කරන එය error එකක් සමගින් Crash වෙනවා. පසුව wolverine Automatically ChatGPT සමග හුවමාරු වෙමින් Script එකෙහි දොෂ සොයාගනු ලබනවා. ඒ අනුව GPT 4 මගින් Script එකෙහි ඇති දෝෂ හුවා දක්වමින් ඒ සදහා නිවැරදි පැහැදිලි කිරීමක් ලබාදෙනු ලබනවා. එමෙන්ම නව දෝෂයන් ඇතිවු විට GPT 4 මගින් ⁣ස්වයංක්‍රීයව දෝෂ නිවරද කරමින් මුල් Python code එක කරන ලද වෙනස් කම් සමගින් යාවත්කාලීන වනවා.

 

මෙය අනෙකුත් programming language සමගද භාවිතා කිරීමට හැකියාව ලබාදීමට නියමිත වනවා.
දැනට Wolverine GPT 3.5 හෝ GPT 4 සදහා OpenAI API ,ටොකන් එකක් සමගින් භාවිතා කල යුතු වනවා.
OpenAI ගිණුමක් ඇති ඕනෑම අයෙකුට GPT 3.5 API වෙත ප්‍රවේශ විය හැකි නමුත් GPT-4 ප්රවේශය තවමත් සීමා කර තිබෙනවා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.