Categories

විද්‍යාඥයින් අංශභාග රෝගියෙකුට නැවත ඇවිදීමේ හැකියාව ලබාදෙන උපකරණයක් නිපදවයි.

2011 වසරෙ පාපැදි අනතුරකින් අංශභාග තත්වයට පත්ව සිටි පුද්ගලයෙකුට මොළයේ තරංග කියවන උපකරනයක් බද්ධකර එමගින් ඔහුගේ කොදුඇටපෙලට දකුණු මාංශ පේශි චලනය කිරීමට උපදෙස් ලබාදීමෙන් පසු ඔහුට නැවත සාර්ථකව ඇවිදීමට හැකිවී තිබෙනවා.

40 හැවිරිදි Gert jan oskam චීනයේ අනතුරකින් අංශභාග තත්වයට පත්ව ඇති අතර සැත්කමෙන් පසු පඩිපෙළක් නැග මිටර් 100 කට වඩා වැඩි දුරක් පවා ඇවිද ගොස් තිබෙනවා. Oskam පැවසුවේ වසර 10කට පසු පලමු වතාවට මාගේ මිතුරන් සමග එකට බියර් පානය කිරීමට තමන්ට හැකිවූ බවයි.

Digital bridge ලෙස හදුන්වන මෙම උපකරණය මොළයේ යන්ත්‍ර අතුරුමුහුණත් සංවර්ධනය කිරීමට ස්විස්ටර්ලන්තයේ ස්නායු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරල තිබෙනවා.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කොදුඇටපෙලේ ස්නායු අක්‍රීය වු විට අක්‍රීය මාංශ පේශි සමග මොළය නැවත සම්බන්ධ කිරීමට රැහැන් රහිත සංඥා භාවිත කිරීමයි.

මීට පෙර කල අත්හදා බැලීමකදී ඔහුගේ කොදු ඇට පෙලට සංඥාවක් යැවීමෙන් ඇවිදීමේ රිද්මයානුකූල පියවර ප්‍රතිනිර්මාණය කරන පද්ධතියක් පරික්ෂා කල නමුත් එහිදි චලනය තරමක් රොබො එකක් වූ අතර බොත්තමක් හෝ සංවේදකයක් මගින් ක්‍රියාකිරීම ආරම්භ කල යුතු වූනා.

මෙහි නවතම යාවත්කාලිනයේදී ලොසැන් විශ්ව විද්‍යාලයේ ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙක් වන ජෙසලීන් බ්ලොච් Oskam ගේ මොලයේ ⁣ඉලෙක්ට්‍රෝඩ සවිකර ඇති අතර කකුල් චලනය කිරීමට උත්සහ කරන විට එමගින් ස්නායු ක්‍රියාකාරිත්වය හදුනා ගෙන
ඉලෙක්ට්‍රෝඩ මගින් කොදු ඇට පෙලට ස්පන්දන යවනු ලබනවා.
යවනු ලැබු ස්පන්දන මගින් කොදු ඇටපෙලේ ස්නායු සක්‍රීය කර අපේක්ෂිත චලනය නිපදවීමට අවශ්‍ය මාංශපේශි ක්‍රියාත්මක කරනු ලබනවා.

ස්විස්ටර්ලන්ත ෆෙඩරල් තාක්ෂණ ආයත⁣නයේ මහාචාර්ය ග්‍රෙගෝයර් කෝටීන් පැවසුවේ ඔවුන් සාර්ථකව Digital bridge මගින් කකුල් චලනය පාලනය කරන මොළයේ හා සුෂුම්නාවේ කලාපය අතර සන්නිවේදනය නැවත ස්ථාපිත කල බවයි.
එලෙසම මෙම පද්ධතයට Gert jan ගේ සිතුවිලි ග්‍රහණය කර ගැනීමටත් එම සිතුවිලි ස්වේච්චා පාද චලනයන් නැවත ස්ථාපනය සදහා සුෂුම්නාව උත්තේජනය කිරීමටත් පරිවර්තනය කල හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

 

 

මෙය වේගවත් සුමට ඇවිදිමක් ලබාදෙන්නේ නැති වුවද පෙර බද්ධ කිරීමට වඩා ස්භාවික චලනයක් ලබාදෙනු ලබනවා. මන්ද නැගීසිටීම හා ඇවිදීම ආරම්භ කලේ ක්‍රීයාවන් ගැන සිතීමෙන් පමණක් බැවින් හා සංඥා මගින් දණහිස හා වලලුකර නැමීමට අවශ්‍ය මාංශ පේශි උත්තේජනය කල බැවිනි.

උපාංගය මගින් ස්නායු නැවත ප්‍රතිනිර්මාණයක් සිදු කරන බවද පෙනෙන්නේ පුහුණු සැසි 40ක⁣ට පමණ පසු උපාංගය ක්‍රියා විරහිත කර තිබියදීත් Oskam ඔහුගේ පාදවල යම් පාලනයක් ලබාගත් නිසායි.

මෙය දැන⁣ට මුල් අධියරේ පවතින අතර ඉදිරියෙදි කුඩා උපකරණයක් මගින් අඝාත රොගින්ට හා අංශභාග රොගීන්ට ඇවීදීමට දැත් චලනයට හා මුත්‍රාශය වැනි අනෙකුත් ක්‍රීයාකාරකම්ද නැවත පාලනය කල හැකි වනු ඇති.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.