Categories

රොකට් ලෝන්චර් ගෙන යන නින්ජා බල්ලෙක් රුසියාවෙන්

රුසියාව විසින් රොකට් ලොන්චර් පිටෙ රැගෙන යන රොබෝ බල්ලෙක් එළිදක්වලා තිබෙනවා. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ” army 2022″ අවි ප්‍රදර්ශනය අගෝස්තු 22 දක්වා මොස්කව් නගරයෙන් පිටත කුබින්කා හි දේශප්‍රේමී උද්‍යානයේදී ආරම්භ කළ අතර එහිදීයි RPG-26 පිටේ රැගෙන යන මෙම M-81 ninja බල්ලා එළිදක්වා තිබෙන්නේ.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන RIA Novosti මගින් මෙම M-81 රොබෝ බල්ලා පිළිබද වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

 

මෙහි නිර්මාණකරුවන් පවසන්නේ මෙය M-81 රොබෝ පද්ධතියේ sample එකක් බවයි. ඒ වගේම මෙයට ඉලක්කගත වෙඩි තැබීම් සහ ආයුධ ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති අතර, සිවිල් අවශ්‍යතා සඳහා හදිසි කලාප වල ඔත්තු බැලීම, සුන්බුන් හරහා ගමන් කිරීම සහ ඖෂධ බෙදා හැරීම සඳහා භාවිතා කළ හැකි බවයි.

කෙසේ වෙතත් the drive විසින් මේ පිළිබදව ගැඹුරින් සොයා බලා ඇති අතර ඔවුන් පවසන්නේ මෙම M-81 රොබෝ බල්ලා alibaba හී $2,700 වැනි මුදලකට ඇති Unitree Robotic’s UnitreeYushuTechnologyDog බල්ලාට සමාන බවයි.

source:-
TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.