Stanford විශ්වවිද්යාලයෙ සිසුන් පිරිසක් සම්මුඛ සාකච්ඡාවක් අතර තුර අප ඊලගට පැවසිය යුතුදේ ඉතා නිවැරදිව පෙන්වන කණනාඩි යුගලයක් නිපදවල තිබෙනවා.
පහල විඩියො එකෙන් ඒක පැහැදිලිව බලාගන්න පුලුවන්.
say goodbye to awkward dates and job interviews ☹️
we made rizzGPT — real-time Charisma as a Service (CaaS)
it listens to your conversation and tells you exactly what to say next ????
built using GPT-4, Whisper and the Monocle AR glasses
with @C51Alix @varunshenoy_ pic.twitter.com/HycQGGXT6N
— Bryan Hau-Ping Chiang (@bryanhpchiang) March 26, 2023
විඩියො එකෙ ඔයාල දකින්න ඇති ඉදිරියෙන් ඉන්න කෙනා කතා කරද්දි ඒකට ඇහුම්කන් දිල ඊලගට පවසන්න ඔන දේ හරියටම කණ්නාඩියෙ දර්ශනය වෙනවා.
මේ කණ්නාඩි නිපදවල තියෙන්නෙ GPT 4, whisper, කථන හදුනාගැනීමේ විශාල භාෂා ආකෘතියකින් හා Brilliant Labs විසින් සපයන ලද Monocle AR වීදුරු මගින්. ඒවගේම මේ විදුරු තුල මයික්රෆෝනයක්, High resolution display එකක් හා කැමරාවක් ද අඩංගු වනවා. මෙම rizzGPT AI glasses බ්ලුටූත් හරහා පරිශීලකයාගේ දුරකථනයේ හො Host device එකෙහි Web application එකක් මත සන්නිවේදනය සිදු කරනවා.

පරිශීලකයා කතා කරන විට හෝ සංවාදයකට සම්බන්ධ වන විගස Audio එක teal time basis මගින් text එකක් බවට පරිවර්තනය වනවා. OpenAI හි whisper මගින් chatbot වෙත චැට් එක යවන අතර පසුව එය කණ්නාඩි තුල Display වනවා. කෙසේ නමුත් මේ කණ්නාඩි වල ඇති එක් ප්රධාන අවාසියනම් පරිවර්තන වේගය WiFi speed එක මත රදා පැවතීමයි.
එලෙසම කණ්ඩායම මෙම කණ්නාඩි වෙළදපලට ඉදිරිපත් කිරිමට අදහස් කර නැති අතර දිගු බැටරි ආයු කාලයක් සහිතව අඩු බරකින් වේගවත් ප්රතිචාරයක් ලබාගත හැකි ලෙස විශේශයෙන් GPT 4 multimodel පැමිණි පසු තවත් බොහෝ දේ සංවර්ධනය කිරීමට අදහස් කර තිබෙනවා.










Leave a Reply
View Comments