Categories

AI – Powered search engine වලට විරුද්ධව Google විසින් “Magi” නම් Project එකක් නිකුත් කරයි

ලොව දැවැන්තම search engine සමාගමක් වන google විසින් “Magi” නම් Code name එකක් යටතේ නවතම ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඒ Microsoft Bing වැනි AI – Powered search engine සමඟ තරඟයට එරෙහිව සටන් කිරීම සඳහායි.

දැනට Google සමාගම සතුව search market හී 90%කට වඩා ප්‍රමාණයක් තිබුණත් Microsoft විසින් වෙළඳපල කොටසේ සෑම 1%කින්ම ඩොලර් බිලියන 2ක් උපයා ගැනීමට අපේක්ශා කරන අතර දැනටමත් microsoft Bing search සඳහා ChatGPT සහ ChatGPT-4 ඒකාබද්ධ කිරීම හේතුවෙන් ඔවුන්ගේ monthly page visits 25%ක වර්ධනයක් ද පෙන්නුම් කර තිබෙනවා.

මේ හේතු නිසාම google විසින් AI – powered search engine එකක් සංවර්ධනය කිරීමට පටන් ගෙන තිබෙන අතර, පරිශීලකයන් හට ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමෙන් මේ හරහා විශේෂ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

Project magi යටතේ සංවර්ධනය කරන මෙම search engine තාක්ශණය නිකුත් කරන දිනයක් තවම සඳහන් කර නැහැ.

 

Google ගෙන් නවතම AI – Powered search tools 

 

ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, Google හි නව AI හරහා ක්‍රියාත්මක වන Search tools ලබන මාසයේ නිකුත් කිරීමට සැළසුම් කරලා තියෙනවා. කොහොම වුණත් මෙම නව විශේෂාංග, මුලින්ම එක්සත් ජනපදයේ පමණක් ලබා ගත හැකි වන අතර උපරිම වශයෙන් පරිශීලකයින් මිලියනයකට මුදා හරිනු ලබනවා.

මෙම AI – powered Search Tools ද “Magi” යන code name එක යටතේ සංවර්ධනය වන අතර ඒවාද Microsoft Bing Chatbot සහ OpenAI ChatGPT වැනි පද්ධති වලට විරුද්ධව google සිදු කරන තරඟයේ එක් කොටසක් පමණයි.

ඒ වගේම මීට අමතරව Google විසින් වෙනමම AI Tools මාලාවක්ද සංවර්ධනය කරමින් ඉන්නවා. මෙයට GIFI නම් Image Generator එකක්, Tivoli Tutor නම් Language learning system එකක් සහ searchalong නම් විශේෂාංගයක්ද ඇතුළත් වෙනවා.

searchalong feature එක මගින් google chrome browser එකට chatbot එකක් ඒකාබද්ධ කරන අතර ඒ අනුව chrome browser එකට current web page එක පිළිබඳ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දිය හැකි වෙනවා. මෙය Microsoft Edge browser එකෙහි තිබෙන Bing AI sidebar එකට සමාන වනවා.

 

 

ඔයාලා දැනටමත් දන්නවා වර්ථමානයේ තියෙන AI තරඟය. මේ තරඟය නිසාම කවදාවත් මේ AI system සංවර්ධනය නතර වෙන්නේ නැහැ වගේම දැනට තියෙන system යවත්කාලීන වෙන එකත් නවතින්නේ නැහැ. ඉතින් එකපාරම OpenAI ආවා වගේ ඉස්සරහට තව තව සමාගම් එළියට එන්න පුළුවන්. අන්තිමට කියන්න තියෙන්නේ ඉස්සරහට එන ලෝකය තනිකරම තරඟයක් කියන එක විතරයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.