Categories

CES 2022: Intel විසින් අලුත් 12th Gen Mobile සහ Desktop Processors හඳුන්වා දෙයි

දැනට පැවැත්වෙන CES 2022 ඉවෙන්ට් එකේදි Intel විසින් නව 12th Gen Intel Core H-series mobile සහ desktop processors එළිදක්වලා තිබෙනවා.අලුත් mobile processors  Intel Core i9-12900HK මත පදනම් වෙලා තියෙනවා. මේක ලෝකයේ වේගවත්ම ප්‍රොසෙසරය සහ හොදම mobile gaming platform එකක් විදියට ප්‍රකාශ කරලා තියෙනවා.

නව  12th Gen Intel Core mobile processors එක  Intel 7 process එක මත ගොඩ නගා තිබෙනවා වගේම මේක  predecessor processor එකට වඩා  40% ක වේගවත් බවක් පෙන්වා තිබෙනවා.

ඒ වගේම Intel විසින් Intel Core i9 chips සිට Pentium සහ Celeron දක්වා නව Intel 12th Gen Core ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර 22ක් ද හඳුන්වා දී තිබෙනවා.

මීට අමතරව, Intel විසින් ලැප්ටොප් පරිගණක සඳහා එහි IntelEvo platform එක update කරලා තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර සඳහා Intel vPro platform එකෙහි (Intel vPro Enterprise , Intel vPro, සහ Intel Evo Design , Intel vPro Essentials ) නව version ද හදුන්වා දී තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.