Categories

ඇපල්, ඩොලර් ට්‍රිලියන 3ක වෙලදපල සීමාවකට ලගාවූ පලමු සමාගම බවට පත්වෙයි.

 

Apple 2022 අවුරුද්ද ආරම්භ කරේ ඩොලර් ට්‍රිලියන 3 ක Market cap එකකට ලගාවුනු පලමු සමාගම බවට පත්වෙමින්.
ඒ සමගම AMD,Intel,Nvidea,Netflix,Disney හා Bitcoin අතරින් පලමු තැන රැදීසිටිමට ඇපල් සමත් උනා.


Shares $182.85 ඉහල අගයකට ලගාවීමත් සමග ඇපල් ඩොලර් ට්‍රිලියන 3ට ලගා වූ අතර වෙලද පල වසාදැමිමත් සමග කොටස් වටිනාකම $182.01 දක්වා සුලු වශයෙන් පහත වැටුනි.
ඒ සමගින් ඇපල් සිය දවස අවසන් කලේ ඩොලර් ට්‍රිලියන 2.99 වෙලදපල වටිනාකමකිනුයි.

ඇපල් 2018 අගෝස්තු මාසයේදී ඩොලර් ට්‍රිලියන 1 ක වෙළඳපල සීමාවකට ළඟා වූ අතර ඩොලර් ට්‍රිලියන 2 සීමාවට පැමිණීමට ඔවුන්ට වසර 2 ගතවිය.
විශේෂත්වය නම් ඩොලර් ට්‍රිලියන 3 කඩඉමට ලගාවෙන්න අවශ්‍ය වුන ඩො.ට්‍රි. 1 ලබාගැනීමට ඔවුන්ට ගතවූයේ මාස 16ක්  පමණකි.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.