චීනය දීර්ඝ කාලයක් තිස්සේ විදේශීය චිප් නිශ්පාදකයින් මත යැපීම අඩු කිරීමට සහ ඔවුන්ගේ දේශීය නිශ්පාදන ක්‍රම යවත්කාලීන කිරීම සදහා MADE IN CHINA 2025 සැලැස්මේ කොටසක් යටතේ ගෘහස්ථ විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සහා කළත් නෙදර්ලන්තය පදනම් කරගත් ASML විසින් නිශ්පාදනය කරන lithography tools තහනම් කිරීමට ඇමරිකාවට අවශ්‍ය වීමත් සමග චීනයේ බලාපොරොත්තු කඩා වැඩී තිබෙනවා.
චිප් සෑදීමේ ක්‍රියාවලියේදි භාවිතා කරන lithography machines සදහා ලොව විශාලතම සැපයුම්කරු වන ASML හට,
ඒකකයකට $164 million පමණ වැය වන advanced extreme ultraviolet (EUV) lithography equipment චීන පාරිභෝගිකයන්ට විකිණීමට නොහැකි වී තිබෙනවා. ඒ නෙදර්ලන්තය විසින් චීනයට අපනයනය කරන සැපයුම් ඇමරිකාව විසින් තහනම් කිරීමත් සමගයි.
ඇමරිකානු රජය විසින් ASML හට චීන ගනුදෙනුකරුවන්ට ultraviolet (DUV) lithography tools විකිණීම නැවැත්වීමට බල කරමින් සිටින බව bloombergසදහන් කරනවා. මේවා පැරණි වුවත් තවමත් දුරකථන, ස්වයංක්‍රීය මෝටර් රථ, රොබෝවරුන් සහ තවත් බොහෝ දේවල ඇති චිප් නිර්මාණය කිරීමට භාවිතා කරන අතර එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ DUV තාක්ශණයේ දියුණු වර්ගයක් වන immersion lithography machines චීනයට විකිණීම තහනම් කිරීමටයි.
එසේම එක්සත් ජනපදය විසින් nikon වැනි ජපන් සමාගම් වලටද බල කරමින් සිටින්නේ චීනයට DUV සැපයීම නතර කරන ලෙසයි.










Leave a Reply
View Comments