පසුගිය මාස කීපය තුල කෘතිම බුද්ධි පද්ධතිවල හදිසි දියුණුව හා ජනප්‍රියත්වය එහි අහිතකර බලපෑම් වල බියද මතුකිරීමට සමත් වුනා.
AI මගින් මිනිස් රැකියා හා නිර්මාණශීලීත්වයට ඇති තර්ජනය පමණක් නොව යුද්ධයේදී මෙම තාක්ෂණය මගින් න්‍යෂ්ටික අවිවලට සමාන විනාශකාරී ප්‍රතිඵල ඇති කරනු නොඅනුමානයි.
මෙම ව්‍යසනකාරී ප්‍රතිවිපාක මගහැරීම සදහා REAIM හි වගකීම් සහිත කෘතිම බුද්ධිය පිලිබද පලමු ගොලීය සමුලුව පසුගිය සතියේ පැවැත්වු අතර එහිදි රටවල් එකතුව AI වගකීමෙන් භාවිතා කිරීම සදහා ගිවිසුමක් අත්සන් කෙරුණා.
නෙදර්ලන්තය සහ දකුණු කොරියාව විසින් පසුගිය සතියේ හේග් හිදී සම සත්කාරකත්වය දරන ලද REAIM සමුළුවට චීනය ඇතුළු රටවල් 60කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන්, රජයේ නියෝජිතයන්, චින්තන මණ්ඩල සහ කර්මාන්ත/සිවිල් සංවිධාන මෙම සාකච්ඡාවලට සහභාගි වූ අතර රුසියාවට හා යුක්‍රේනයට සහභාගී වීමට ආරාධනා කර තිබුණේ නැහැ.
ගිවිසුමෙන් ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට සහ ජාත්‍යන්තර ආරක්ෂාව, ස්ථාවරත්වය සහ වගවීම අඩපණ නොවන ආකාරයෙන්” හමුදා AI සංවර්ධනය කිරීමට සහ භාවිතා කිරීමට ජාතීන් කැපවී සිටින බවට හුවා දැක්වු අතර මෙයට ඊශ්‍රායලය හැර අනෙකුත් සියලු සහභාගිවුවන් විසින් අත්සන් කර තිබුණා.
යුධමය අවස්ථා වලදී AI වගකීමෙන් භාවිතා කරන ලෙස ආයුධ පාලනය පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් බොනී ජෙන්කින්ස් ඉල්ලා සිටි අතර
චීන නියෝජිත ජියන් ටැන් සමුළුවට පැවසුවේ රටවල් “AI හරහා නිරපේක්ෂ මිලිටරි වාසි සහ ආධිපත්‍යය සෙවීමට විරුද්ධ විය යුතු” බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක්‍රියා කළ යුතු බවත්ය.
කෙසේ නමුත් සමහර සහභාගිවන්නන් ගැටුම්වලදී AI භාවිතා කිරීමේ ප්‍රතිලාභ සටහන් කර ඇත්තේ , යුක්රේනයේ, යන්ත්‍ර ඉගෙනීම සහ වෙනත් තාක්‍ෂණය විශාල, වඩා බලවත් ආක්‍රමණිකයෙකු වු රුසියාව වැලැක්වීමට භාවිතා කර ඇති ආකාරය දක්වමින්.
එමෙන්ම පසුගිය සතියේ ලොක්හීඩ් මාටින් සිය නව පුහුණු ජෙට් යානය කෘත්‍රිම බුද්ධිය මගින් පැය 17කට වැඩි කාලයක් පියාසර කළ බව හෙළිදරව් කිරීමෙන් පසුව, AI හි යුද්ධයේදී බොහෝ විභව යෙදුම් ගැන වැඩි බියක් ඇති වුණා.එය උපක්‍රමශීලී ගුවන් යානයක මේ ආකාරයෙන් AI නිරත වූ පළමු අවස්ථාව ලෙසද සනිටුහන් වනවා.
මේ අතර
හිටපු Google CEO සහ Alphabet සභාපති Eric Schmidt කියා සිටියේ න්‍යෂ්ටික අවි හඳුන්වාදීම හා සමානව කෘත්‍රිම බුද්ධිය යුද්ධවලට සමාන බලපෑමක් ඇති කළ හැකි බවයි.











Leave a Reply
View Comments