Apple විසින් අනවසර hacking attacks සහ spyware වැළැක්වීමට අමතර ආරක්ශණ ක්‍රමවේදයක් ලෙස lockdown mode නමින් නව feature එකක් අත් හදා බලමින් සිටිනවා.
ඊශ්‍රායල් සමාගම් 2ක් විසින් apple හී software වල දෝෂ භාවිතා කර කිසිවක් ක්ලික් කිරීමකින් තොරව දුරස්ථව iphone තුළට ඇතුල් වීම හේතුවෙන් Apple විසින් මෙම පියවර ගෙන තිබෙනවා. එසේම මෙවැනි ප්‍රහාර දියත් කළ හැකි pegasus software නිපදවන NSO සමූහයට එරෙහිවත් Apple විසින් නඩු පවරා ඇති අතර ඇමරිකාව විසින් එය trade blacklist තුළට ඇතුළත් කර තිබෙනවා.
මෙම නව lockdown mode එක apple iphone, macs සහ ipad වෙත පැමිණෙන අතර මෙය activate කිරීම හරහා,
- messages app හරහා links previews disable කරන අතර attachments block කරනු ලබනවා.
- පරිශීලකයන් කිසිදා call නොකළ සහ නොදන්නා numbers හරහා පැමිණෙන communication request සහ face time calls block කරනු ලබනවා.
- දුරකථනය lock වූ පසු wired connection ක්‍රියා නොකරනු ලබනවා.
apple security researchers විශ්වාස කරන්නේ NSO සමූහය iphone hack කිරීම සදහා apple විසින් message attachment හසුරවන ආකාරයේ ඇති දෝෂයක් භාවිතා කර ඇති බවයි. එසේම ඊශ්‍රායල් සමාගමක් වන Cellebrite විසින් iphone තුළට ඇතුළු වීම සදහා manual connection භාවිතා කර තිබෙනවා. මේ නිසා Apple විසින් මෙම lockdown mode සදහා තවත් advanced protection feature ඉදිරියේදි නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම නව mode එකෙහි ආරක්ශාව දැඩි කිරීම සදහා, ආරක්ශක පර්‍යේශකයන් හට මෙම නව mode තුළින් දෝෂයක් සොයාගත හැකි නම් ඒ සෑම දෝෂයක් සදහාම ඩොලර් මිලියන 2ක් ගෙවන බව Apple විසින් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම ඉලක්කගත hacks සොයා හෙළිදරව් කරන සහ ඒ වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායම් සදහා ඩොලර් මිලියන 10ක් සහ NSO ට එරෙහිව තිබෙන නඩුවෙන් ලැබෙන ඕනෑම ආදායමක්ද ලබා දෙන බවත් Apple ප්‍රකාශ කරනවා.











Leave a Reply
View Comments