Categories

Apple විසින් iphone 4s භාවිතා කරන්නන්ට $15ක් ගෙවයි

වසර ගණනාවකට කලින් apple සමාගම විසින් 2015 නිකුත් කරන ලද ios 9 update එකෙන් පසු දැනුවත්වම iphone 4s මන්දගාමී කරන බවට apple පරිශීලකයන් කිහිපදෙනෙක් චෝදනා කරනු ලැබුවා.

දැන් apple විසින් එම වසර 6ක නඩුව සමථයකට පත් කිරීමට එකග වෙලා තියෙනවා වගේම එසේ බලපෑමට ලක්වුන එක් අයෙකුට $15ක් ගෙවීමට තීරණය කර තිබෙනවා. new york සහ new jersey හී iphone 4s පරිශීලකයන් විසින් 2015 දෙසැම්බර් වලදී මෙම නඩුව ගොනු කර තිබුණා.

iphone 4s තුළ ios 9 update එක download කල විට තම දුරකථනය මන්දගාමී වු බව පවසා ඔවුන් මෙසේ නඩුව ගොනු කර තිබුණා. එසේම apple සමාගමේ iphone 4s සමග තමන්ගේ iphone 4s ගැලපෙන බවට ඔවුන් අසත්‍ය ප්‍රචාරයක් නිකුත් කර ඇති බවත්, ios 9 වේගවත් සහ වඩා ප්‍රතිචාරාත්මක බව apple තම දැන්වීමෙහි ප්‍රකාශ කලත් ඒවා තමන්ගේ iphone 4s සමග නොගැලපෙන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

MacRumours ට අනුව මෙසේ චෝදනා කළ new york සහ new jersey වල iphone 4s පරිශීලකයන්ට ගෙවීම සදහා apple විසින් ඩොලර් මිලියන 20 වෙන් කර තිබෙනවා.
apple විසින් පාරිභෝගිකයන්ට වෙනම web site එකක් සාදන අතර එයට ඔවුන්ගේ නම,email, iphone 4s serial number, සහ email address ඇතුළත් form ලබාදී apple වෙතින් මුදල් ඉල්ලා සිටිය හැක.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.