Categories

AI හි සීඝ්‍ර දියුණුව Stack Overflowහි ගමන අවසන් කරයිද..?

AI ආගමනයත් සමග software ක්ෂ්‍රේත්‍රයට ඇතිවිය හැකි තර්ජනයන් පිලිබද කල අනාවැකි සත්‍ය කරමින් Coding කරන්නන්ගේ
වසර 15 ක online community එකක් වූ Stack Overflow පහත වැටීමේ ලකුණු පෙන්නුම් කරමින් තිබෙනවා.

Stack Overflow හි ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රශාන්ත් චන්ද්‍රසේකර් වෙබ් අඩවිය වෙත ඇති traffic එක 13%කින් පහත වැටී ඇති දත්ත පෙන්වමින් මෙම පහත වැටීමේ ප්‍රවණතාව පෙන්වා තිබෙනවා.

මෙම Stack overflow මෘදුකාංග ඉංජිනේරුවන් ප්‍රශ්න ඇසීමට මෙනිම සෙසු ඉංජිනේරුවන්ගෙන් උපදෙස් ලබාගැනීමට භාවිතා කල නමුති GPT 4,ChatGPT,Codex හා GitHub Copilot නිකුත් වීමත් සමග ඔවුන්ට AI chatbot මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම කේත ලිවීමට මෙන්ම තමා කල කේතයන්හි දෝෂ ක්ෂනිකව සොයාගැනීමට හැකි වී තිබෙනවා.

විශේෂම දේනම් මෙම AI මාදිලි බොහොමයක් නොමිලයේ ලබාදෙන Stack Overflow හි තොරතුරු මත අර්ධ වශයෙන් පුහුණු කර තිබීමයි.

මේ පිලිබදව අදහස් දැක්වූ චන්ද්‍රසේකර් කියා සිටියේ  Stack Overflow සහ Wikipedia වැනි සබැඳි ප්‍රජාවන් නොමිලයේ තොරතුරු බෙදා ගැනීමට කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු වු ඒවා බවත් දැන් මෙම සමාගම් ඔවුන්ගේ විශාල AI භාෂා ආකෘති පුහුණු කිරීම සඳහා තම ප්‍රජාවන් සුරාකන බවයි.

කෙසේ නමුත් මෙම තර්ජනයන්ට
Stack Overflow ප්‍රතිචාර දක්වන ආකාරය සහ නොනැසී පැවතීමට උත්සාහ කරන ආකාරය, නොමිලයේ අන්තර්ජාලය හරහා තොරතුරු පළ කිරීම සහ සත්කාරකත්වය ලබා දීමෙන් මුදල් උපයන තවත් ව්‍යාපාර දහස් ගණනකට බලාපොරොත්තුවක් ලබාදෙනු නොඅනුමානයි.

Stack Overflow හට ප්‍රධාන ආකාර දෙකකින් ප්‍රතිචාර දැක්විය හැකි වනවා. ඒ

• තම දත්ත නොමිලයේ භාවිතා කල සමාගම් වලින් අයකිරීම් ආරම්භ කිරීම

• Stack Overflow හි පොදු දත්ත මත පමණක් නොව අමතර තොරතුරු විශාල ප්‍රමාණයක් මත පුහුණු කර ඇති තමන්ගේම AI මාදිලි සංවර්ධනය කිරීම.

 

තම දත්ත නොමිලයේ භාවිතා කල සමාගම් වලින් අයකිරීම් ආරම්භ කිරීම

” අපි මේ නව යුගයට පිවිසෙනවා LLM අරමුණු සදහා අපගේ දත්ත භාවිතා කරන පුද්ගලයින් අප සමග අනිවාර්යයෙට් සම්බන්ධ විය යුතු බවට මාසකීපයකට පෙර ස්ථාවරයකට පැමිනියෙමු” ලෙස ඔහු අදහස් දක්වා තිබෙනවා.
වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කලේ දැනටමත් විශාල සමාගම් කිහිපයක් ඒ සදහා සුදානම් වි ඇති බවයි.

 

Stack Overflow හි පොදු දත්ත මත පමණක් නොව අමතර තොරතුරු විශාල ප්‍රමාණයක් මත පුහුණු කර ඇති තමන්ගේම AI මාදිලි සංවර්ධනය කිරීම

සමාගමේ දත්ත බොහෝ දුරට සැකසෙන්නේ ප්‍රශ්නෝත්තර ආකෘතියකිනි.
කේතකයින් අන්තර්ජාලය හරහා ප්‍රශ්න අසමින් සහ පිළිතුරු ලබා ගන්නා අතර ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයින්හට ඒ සදහා අදහස් ප්‍රකාශ කල හැකියි.
දැනට එහි එහි ප්‍රශ්න සහ පිළිතුරු මිලියන 58කට වඩා ඇති බවත් AI ආකෘති සහ චැට්බෝට් පුහුණු කිරීමට මෙය ඉතා සුදුසු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ සදහා පලමු පියවර තබමින් Stack Overflow විසින් ජූලි 27  OverflowAI නිවේදනය කරනු ලැබුවා.
. මුල් පරීක්ෂණ අනුවාදයක පවතින නව පද්ධතිය, ක්ෂණික සාරාංශගත පිළිතුරක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ Q&A දත්ත යොදාගනු ලබනවා.

 

කෙසේ නමුත් මේ සදහා විශාල අභියෝගයක් වන්නේ Stack Overflow අනාගත කේතීකරණ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්නේ කොතැනින්ද යන්නයි. එහි නව AI සේවාව නිර්මාණය කර ඇත්තේ ස්වයංක්‍රීයව ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා වන බැවින් මානව විශේෂඥයින් ඔවුන්ගේම ආදානය සහ අදහස් සැපයීම සඳහා මෙම සබැඳි ප්‍රජාව වෙත නැවත පැමිණෙන්නේ ඇයි? යන ප්‍රශ්නය මතුවනවා.

එයට පිලිතුරු සපයන චන්ද්‍රසේකර් පවසන්නේ සියලුම AI මාදිලි පුහුණු කිරීම සඳහා ගුණාත්මක මානව දත්තවල ස්ථාවර ප්‍රවාහයක් අවශ්‍ය වන බවත් ඒ සදහා ඔබට සදහටම Stack Overflow වැනි උසස් තත්ත්වයේ සත්‍ය මූලාශ්‍ර අවශ්‍ය වනු ඇති බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.