දැන් මේ තියෙන protest එකත් එක්ක මම දැකපු දෙයක් තමයි ගොඩක් අය whatsapp group,whatsapp chats, facebook post/ stories,whatsapp status වගේ ගොඩක් ක්රම හරහා ” whatsapp audio call/video call ,messages රෙකෝඩ් කරන බැවින් ප්රවේශම් වන්න” කියලා පොස්ට් එකක් ශෙයා කරපු එක. ඉතින් ඇත්තටම එහෙම whatsapp calls රෙකෝඩ් කරන්න පුලුවන්ද, massages වෙනත් කෙනෙකුට බලන්න පුලුවන්ද කියන එක ගැන මේ ආටිකල් එකෙන් සාකච්ඡා කරමු.
whatsapp යනු….
whatsapp කියන්නේ Meta සතු අන්තර්ජාලය පදනම් කරගත් පණිවිඩ යැවීම සදහා භාවිතා කරන යෙදුමක්. මේකෙදි online හරහා පණිවිඩ යැවීමක් සිදුවන නිසා normal massages වලට වඩා පිරිවැය ඉතාම අඩුයි. ඒ වගේම මේ හරහා පහසුවෙන් photos,videos, document ශෙයා කරගැනීමේ හැකියාව පවතිනවා.
whatsapp විසින් security සදහා end to end encription ක්රියාත්මක කරනු ලබනවා. මොකක්ද මේ end to-end-encryption කියන්නේ.
whatsapp end-to-end encryption

ඔයා whatsapp හරහා වෙනත් කෙනෙකුට පණිවිඩයයක් යවනකොට මේ end-to-end encryption එක භාවිතා වෙනවා. මේ මගින් ඔයාගේ පණිවිඩ වෙනත් අයෙකු අතට පත් වීම වළකනු ලබනවා. ඒවගේම End-to-end encryption මගින් ඔයා යවන පණිවිඩ සහ ඔයා සන්නිවේදනය කරන පුද්ගලයා එවන පණිවිඩ ඔයාට සහ එම පුද්ගලයාට පමණක් කියවීමට හෝ සවන් දීමට හැකි බව සහතික කරනවා.
මේකෙදි වෙන්නේ ඔයා කෙනෙකුට පණිවිඩයක් යැවීමේදි එය encript වී අදාල පුද්ගලයාට එය ලැබීමේදි ස්වයංක්රීයවම එ පණිවිඩය decrypt වීමයි.
උදාහරණයක් ගත්තොත්
ඔයා Hello කියලා කෙනෙක්ට යැව්වොත් ඒක encrypt වෙලා b6SEyXVWPbYJ7Phx3pvTL2iqhj8A70gOSJeXJLcZrSU= කියන කෝඩ් එක අදාල පුද්ගලයාට යවනවා.
ඒ අදාල පුදගලයාට ලැබෙද්දි ඔය කොඩ් එක decrypt වෙලා Hello කියන වචනෙ පෙන්වනවා.
online web sites හරහා encrypt & decrypt පහසුකම් සලසනවා.ඔයාට ඒ හරහා මේක තේරුම් ගන්න පුලුවන්. පහල ඒ site එකක link එකක් දාන්නම්.
https://www.online-toolz.com/tools/text-encryption-decryption.php
ඉතින් මේ නිසා වෙන කිසිම අයෙකුට, අඩුම WhatsApp වලට පවා ඔයාගෙ conversation ලබා ගන්න බැහැ. මොකද whatsapp security අතින් ඉහළයි.











Leave a Reply
View Comments