Categories

New Whatsapp Features

Manage Chat Storage Filters විශේෂාංගය
(Android)

Whatsapp විසින්, පරිශීළකයන් හට ඔවුන්ගේ whatsapp Storage වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීම සඳහා Chat filter විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා.

Android සඳහා ගබඩා පෙරහන් විශේෂාංගය කළමනාකරණය කරන්න

ඡායාරූපයේ ඇති ආකාරයට පරිශිළකයන් හට settings හී ඇති Manage storage option එක තුළ All, Chats, Channels ලෙස filters 3ක් දැකගත හැකි අතර ඔවුන්ට වෙන වෙනමම whatsapp හී storage වැය වී ඇති MB ප්‍රමාණය පහසුවෙන් බලාගත හැකි වෙනවා.

දැනට මෙය Beta version වෙත නිකුත් කර තිබෙන අතර ඉදිරියේදී සියළුම Whatsapp සඳහා නිකුත් කිරීමට නියමිතයි.

 

 

Reaction From Media Viewer විශේෂාංගය
(Android)

Whatsapp විසින් නව Reaction shortcut එකක් Media Viewer වෙත එකතු කර තිබෙනවා.

Attached image

මීට පෙර Whatsapp විසින් පරිශීළකයන් හට chat Conversation එකක් තුළ විවෘත කළ Multimedia (image, video, ) එකකට reply කිරීම සඳහා reply bar එකක් ඇතුළත් කර තිබුණු අතර දැන්, විවෘත කළ multimedia එකෙන් ඉවත් නොවීම පහසුවෙන් එයට React කිරීම සඳහා Reply bar එකට දකුණු පසින් මෙලෙස Reaction Shortcut එකක් එකතු කර තිබෙනවා.

දැනට මෙය Beta version වෙත නිකුත් කර තිබෙන අතර ඉදිරියේදී සියළුම Whatsapp සඳහා නිකුත් කිරීමට නියමිතයි.

 

Account Restriction

Whatsapp විසින් Account restriction නම් නවතම විශේෂාංගයක් අත්හදා බලමින් සිටිනවා.

Android සඳහා පරිශීලක ගිණුම් සීමා කිරීමේ විශේෂාංගය

ඒ අනුව මෙම විශේෂාංගය හරහා, පරිශීළකයෙක් විසින් කිසියම් නිශ්චිත කරුණක් උල්ලංඝනය කර, whatsapp විසින් එම පරිශීළකයාගේ ගිණුන කිසියම් කාලයක් සඳහා අවහිර කර තිබෙන අවස්ථාවක ඔහුට නැවත නව කතාබස් ආරම්භ කළ නොහැකි වනවා.

ඒ වගේම එම පරිශීළකයාව සම්පූර්ණයෙන් අවහිර කර නොමැති බවට ඔහුට සහතික කරමින් පහත ඡායාරූපයේ ආකාරයට ඔහුට දැනුම්දීමක් පෙන්වනු ලබනවා.

Spam like Behavior , Automated messages, bulk messages වැනි ඔවුන්ගේ සේවා කොන්දේසි උල්ලංඝනය කරන ක්‍රියාකාරකම් සඳහා මෙලෙස Account Restriction පණවනු ලබනවා.

දැනට මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටින අතර ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

 

Favorite Chat filter විශේෂාංගය
(iOS)

Whatsapp විසින් Favorite Chat සහ groups සඳහා Custom Chat filter feature එකක වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

Attached image

දැනට නිකුත් කර තිබෙන Whatsapp home screen තුළ ඇති all, unread, groups යන Filter තුනට අමතරව ඉදිරියේදී Favorite නමින් Filter එකක්ද එකතු කිරීමට නියමිත අතර මේ හරහා පරිශීළකයන් හට පහසුවෙන්ම ඔවුන්ගේ Favorite Chats හෝ Groups සමග සම්බන්ධ විය හැකි වෙනවා.

දැනට මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටින අතර ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

 

 

Quick Status Reaction විශේෂාංගය
(iOS)

 

Whatsapp විසින් පරිශීළකයන් හට Status සඳහා පහසුවෙන් react කිරීමට Quick status reaction feature එකක් හඳුන්වා දී තිබෙනවා.

Attached image

 

ඒ අනුව Reply bar එකට දකුණු පසින් heart emoji react එකක් දිස්වන අතර මේ හරහා පරිශීලකයන් හට පහසුවෙන්ම එම status සඳහා react කළ හැකි වෙනවා.

දැනට මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටින අතර ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

 

Whatsapp Dialer විශේෂාංගය
(Android)

 

Save කර නොමැති දුරකථන අංක සමග ඉක්මනින් කතාබස් ආරම්භ කිරීම සඳහා Whatsapp විසින් In app Dialer එකක් හඳුන්වා දී තිබෙනවා.

Attached image

 

Whatsapp පවසන්නේ මේ හරහා පරිශීළකයන් හට දුරකථනය තුළ Save නොකරම වඩාත් පහසුවෙන්ම නව Contact එකක් සමග chat කිරීමට හැකි බවයි.

ඒ වගේම මේ හරහා හදිසි අවස්ථාවකදී දුරකථන අංකයක් save නොකරම whatsapp හරහා call ගැනීමේ හැකියාවද පවතිනවා.

දැනට මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටින අතර ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

 

People Nearby විශේෂාංගය
(Android)

පරිශීලකයන් හට ඔවුන්ගේ Files පහසුවෙන්ම වෙනත් අයෙකුට share කිරීම සඳහා Whatsapp විසින් people nearby විශේෂාංගයක වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.

Attached image

 

මේ හරහා පරිශීළකයන් හට ඔවුන් ලඟ සිටින අයෙකුට ඔවුන්ගේ Photos, videos මෙන්ම files transfer කළ හැකි වෙනවා.

Whatsapp විශේෂයෙන් සඳහන් කරන්නේ මෙම File sharing සෑම විටම End-to-End encrypted බව මෙන්ම දුරකථන අංකද සැඟවෙන බවයි.

දැනට මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටින අතර ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

 

Manage Favorite විශේෂාංගය
(Android)

 

Whatsapp විසින් Favorite නමින් නව විශේෂාංගයක් Whatsapp settings තුළට එකතු කිරීම සඳහා වැඩ හටයුතු සිදු කරමින් සිටිනවා.

 

Attached image

මේ හරහා පරිශීළකයන් හට ඔවුන්ගේ Favorite Contacts සහ groups add කිරීමට, reorder කිරීමට සහ favorite තුළින් remove කිරීමටද හැකියාව ලැබෙනවා.

whatsapp සඳහන් කරන්නේ කිසියම් අයෙකු යම් Contact එකක් Favorite ලෙස Add කරන්නේ නම් අදාළ පුද්ගලයාට කිසිදු දැනුම්දීමක් නොයන බවටයි.

දැනට මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටින අතර ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි.

 

Meta AI විශේෂාංගය
(Android/iOS)

Whatsapp සඳහා Meta AI එකතු කරන බවට Mark zuckerberg විසින් ප්‍රකාශ කර තිබෙනවා. Meta විසින් ඔවුන්ගේ සියළුම social media Platform තුළට Meta AI සම්බන්ධ කරමින් සිටින අතර මේ වන විට එය රටවල් කිහිපයකටම නිකුත් කර තිබෙනවා.

Attached image

 

පරිශීළකයන් හට Whatsapp search bar හරහා Meta AI සමග සම්බන්ධ විය හැකි අතර ඔවුන්ගේ සියළුම ප්‍රශ්ණ Meta AI වෙත ලබා දී answer සහ suggestions ලබා ගත හැකි බවද Whatsapp සඳහන් කරනවා.

එසේම Whatsapp තුළ Imagine විශේශාංගයද එකතු කර තිබෙන අතර ඒ හරහා පරිශීළකයන් හට ඔවුන් කැමති ආකාරයේ ඡායාරුප Meta AI හරහා නිර්මාණය කරගත හැකි වෙනවා.

දැනට මෙම විශේෂාංගය රටවල් කිහිපයකට නිකුත් කර තිබෙන අතර ඉදිරියේදී සියළුම රටවල් සඳහා නිකුත් කිරීමට නියමිතයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.