Categories

ඉදිරියේදී Google Map තුල traffic light,stop signs හා tolls දැක්වීමට සූදානමක්

Smart phone use කරන්න ගත්තු දවසෙ ඉදලම මිනිසාගෙ navigational tool එක වුනෙ Google map එක. දවසින් දවස update වන Google map නව update කීපයක් එකතු කරල තියෙනවා.

Tolls

පලමුවැන්නනම් ගමනාන්තයට අදාල ගාස්තු පිලිබද තොරතුරු දැක්වීමයි. මෙමගින් රියදුරන්ට ගමනක් සදහා කොපමණ මුදලක් වැයවේද යන්න වඩා හොදින් සැලසුම් කල හැකි වනවා.
මෙය දැනට එක්සත් ජනපදය,ඉන්දියාව,ජපානය හා ඉන්දුනීසියාවේ Android හා ios පරිශීලකයන්ට මෙම මස අග සිට දැකගත හැකි වනවා.එමෙන්ම ඉදිරියේදී අනෙකුත් රටවල් මෙයට එක් කරනු ඇති බවත් Google පැවසුවා.

Google Maps විසින් කලින් සඳහන් කළ ප්‍රදේශ වල මාර්ග 2,000ක් හරහා යන විට අදාල ගාස්තු තක්සේරු කිරීමට ප්‍රාදේශීය ගාස්තු අයකිරීමේ බලධාරීන්ගේ තොරතුරු භාවිතා කර ඇති අතර ගාස්තු රහිත මාර්ග තෝරා ගැනීමට සහ Navigation තුල ගාස්තු සැඟවීමට පරිශීලකයින්ට Google map වලට පැවසීමටත් හැකි වනවා.

Traffic light

ඉදිරි සතියෙදී Traffic light  feature එක්කිරීමට නියමිත අතර එමගින්  Android, iOS, Android Auto, සහ CarPlay හි පරිශීලකයින්ට ගමනාන්තය සදහා කොපමණ කාලයක් ගත විය හැකිද යන්න පිළිබඳව වඩා අවබෝධ කරගැනීමට හැකි වනු ඇත.
එලෙසම ගොඩනැගිලි දලසටහන්ද එක් කර ඇති අතර ඇතැම් නගරවල එය මාර්ගයේ හැඩය වඩාත් නිවරදිව නිරූපණය කරයි. කෙසේ නමුත් මෙම විශේෂාංගයන් සදහා සහය දක්වන රටවල් මොනවාදැයි සමාගම මෙතෙක් සදහන් කර නැහැ.

විශේෂයෙන් Google විසින් වැඩිදියුණු කිරීමට සැලසුම් කරන එකම දෙය in- car Navigation නොවන අතර සති කිහිපයකින්Navigation,  Apple watch තුල ස්වාධීනව කටයුතු කරනු ඇත.
එලෙසම Voice command සමගින් Navigation information ලබාදීමක් සිදු කරන අතර  Google map Spotlight,siri හා Shortcuts සමග වඩාත් හොදින් ඒකාබද්ධ කරන බැවින් iOS සමග විධානයන් පහසු වනු ඇත.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.