Categories

Android 12 Developer Preview 2: Top new features! - YouTube

මේ දවස් වල Android users ගොඩක් කතාවෙන topic එකක් තමයි Android 12 update එක කවදා ඒවිද නැත්නම් Android 12 මොන වගේ වෙවිද කියන එකයි. ඉතින් මේ Android 12 update එක එන්න බව අපිට මුලින්ම දැන් ගන්න ලැබෙන්නේ පෙබරවාරි 18 වෙනිදායි, ඒ අන්තර්ජාලයට leak උන images එකයි. මේ images අලුත් Android 12 එකේ screenshots වෙනවා. ඉතින් මේ early leaks වලින් පෙන්න විදියද අපිට අලුත් UI changes, අලුත් privacy indicator එකක් සහ conversation widget බලාගන්න පුළුවන් වෙනවා.

Android 12 and MIUI 13, the list of compatible Xiaomi that circulates on  the network - xiaomist

 

 

 

ඉතින් මේ leaks accurate නම් අපිට අලුත් UI එකේ අලුත් emphasise කරපු rounded corners සහ Quick Settings වල number reduction එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම leaks වලට අනුව Google සමාගම අලුත් Android 12 එකට beige color scheme එකක්ද දීලා තියෙනවා. ඉතින් මේ beige color scheme එක ඇත්තක්නම් Google සමාගමේ Android 12 වලට එන්න අලුත් native theme system එක වෙන්න පුළුවන් වෙනවා. UI changes වලට අමතරව මේ screenshots වල privacy indicator එකක්ද බලාගන්න පුළුවන්, අන්තර්ජාලයට අනුව මේ privacy indicator feature එක iOS වල තියෙන privacy indicator feature එකට similar වෙන බවයි.

Android 12's new lockscreen and notifications UI may have just leaked

 

ඉතින් මේ අලුත් privacy indicator feature එකෙන් app එකක් camera එක නැත්නම් microphone එක access කරනවා නම් එක status bar එකේ indicate කරනවා. ඒ වගේම තාමත් විශේෂ feature එකක් විදියට Android 12 update එකේ camera එක සහ microphone එක privacy settings වලින් directly on / off කරගන්න පුළුවන් වෙනවා. Android 12 වලට එන්න තවමත් විශේෂ feature එකක් තමයි conversations widget. ඉතින් මේ widget එකෙන් recent messages and calls පෙන්නවා. අන්තර්ජාලයට අනුව මේ feature එක ඕනෑම Android 12 devices එකකට mandatory වෙන බවයි. ඉතින් අපි හිතනවා මේ Android 12 update එක ඉක්මනටම Android devices වලට ඒවි කියලා.

 

 

Android 12 DP3 Analysis: Here are all the hidden features!

 

Android 12 DP3 Analysis: Here are all the hidden features!Latest Android 12 UI changes, new features & ripple animation captured in  DP3 screenshots & videos | Nokiapoweruser

Article written by Wathila Wijesinghe