Categories

Whatsapp ගෙන් status සහ group සදහා විශේශ features දෙකක් 

Status update in chat list

මම මීට කලින් දැම්මා whatsapp විසින් සංවර්ධනය කරන chat list එක තුළින් status බලන්න හැකියාව ලබා දෙන feature එකක් පිළිබදව. දැන් whatsapp විසින් මේ feature එක සමහර බෙටා පරිශීලකයන් හට ලබා දීලා තිබෙනවා.

 

ඉහළ ඡායාරූපයේ විදියට කවුරු හරි status update කරහම chat list එකේ අදාල profile එක තුළ ඔයාට status update එක දකින්න පුලුවන්. මේක messanger/facebook එකට සමානයි. අදාල profile එක tap කිරීම මගින් ඔයාට status බලන්න පුලුවන්.

මේක තවම බෙටා පරිශීලකයන් කිහිප දෙනෙකුට නිකුත් කරලා තිබුණත් ඉදිරි දවස් වලදී එය සියල්ලන්ටම නිකුත් කිරීමට නියමිතයි. වැඩි විස්තර

 

 

pending group participants

whatsapp විසින් group participants සදහා නව feature එකක් අත්හදා බලමින් ඉන්නවා.

ඉහළ ඡායාරූපයේ විදියට group settings වල pending participants නමින් නව option එකක් group admin ලා හට දැකගන්න පුලුවන්. පරිශීලකයන් විසින් invite link හරහා group වලට join වීමේදී adminලා හට ඔවුන්ගේ join request approve කිරීමට මෙමගින් හැකි වෙනවා.

මෙම feature එක දැනට සංවර්ධනය වෙමින් තිබෙන අතර ඉදිරියේදී එය නිකුත් කිරීමට නියමිතයි.

 

source

Wabetainfo

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.