2030 දී අගහරු වෙත මිනිසුන් යැවීම සදහා සිදුකරන පරීක්ෂනයන්හි පලමු පරීක්ෂණය ටෙක්සාස්හි හූස්ටන් හි එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ පරීක්ෂණ කදවුරක් තුල ත්‍රමාණව මුද්‍රණය කෙරුණු අගහරු වැනි වාසස්ථානයක ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව නාසා ආයතනය විසින් ස්වේච්චාවෙන් ඉදිරිපත් වන සේවකයින් හතර දෙනෙකු අවුරුද්දක් පුරාවට වර්ග අඩි 1,700ක කාමරයක් තුල රදවා තැබෙනු ඇති.

Mars Dune Alpha ලෙස නම් කර ඇති මෙම කාමරය තුල විවේකාගාරයක්,ගොවිපක් මුළුතැන්ගෙයක් හා අගහරුගේ මෙන් රතු පැහැති වැලි ඇතුලත්.
මෙයින් මූලිකව මිනිසුන්ගේ මානසික හා ශාරීරික තත්වයන් පරික්ෂා කිරීමට නියමිතයි.
මිනිසුන් අගහරුගේ මෙන් පරික්ෂන සිදු කිරීමට නියමිත අතර පෘථිවිය සමග සන්නිවේදනයේදී ගගනගාමීන් අත්විදින ආකාරයටම මිනිත්තු 22ක සන්නිවේදන ප්‍රමාදයක් පවා සිදුවනු ඇති.
එලෙසම කාර්ය මණ්ඩලය ව්‍යාජ ඇදුම් කට්ටල පැලද මාරුවෙන් මාරුවට එලිමහනේ පරීක්ෂණ සිදුකිරීමටද නියමිතයි.
මෙය සම්පූර්ණයෙන්ම අගහරු තුල සිදුකරනවාක් මෙන් සිදුකිරීමට නාසා හට අවශ්‍යවී තිබෙන අතර ඒ අනුව හුදකලා කිරීම,සම්පත් සීමා කිරීම උපකරණයන්හි දෝෂයන්,අධික වැඩ බර වැනි සියලු අභියෝගයන් ඔවුන්ට ලබාදෙනු ඇති.











Leave a Reply
View Comments