Categories

Meta විසින් privacy policy අලුත් කරයි

Meta විසින් (කලින් facebook ලෙස හැදින්වූ )term of service තුළ සංශෝධනයක් සහ privacy policy සදහා යවත්කාලීනයක් කර තිබෙනවා.
දැන් එය Meta’s privacy policy ලෙස හදුන්වන අතර ඔවුන් විසින් ලබාදෙන නව නිශ්පාදන හදුන්වා දීමට සහ තේරුම් ගැනීම පහසු වීමට මෙම privacy policy නැවත ලියා තිබෙනවා.

මෙම යවත්කාලීනයත් සමග Meta සමාගම පවසන්නේ ” අප විසින් මෙම යවත්කාලීනය මත පදනම්ව ඔබගේ දත්ත කිසිදු ආකාරයේ නව ක්‍රම හරහා එකතු කිරීම,භාවිතා කිරීම,බෙදා ගැනීම සිදු නොකරන අතර, අප විසින් තවමත් ඔබගේ දත්ත විකුණන්නේ නැත ” යනුවෙනුයි.

Electronic privacy Information center හි ජ්‍යේශ්ඨ උපදේශක ජෝන් ඩේවිසන් ප්‍රකාශ කර සිටියේ “Meta විසින් නව ආකාර වලින් දත්ත බෙදා නොගන්නා බවට පොරොන්දු උවත්, ගැටළුව වන්නේ ෆේස්බුක් දැනටමත් කාර්මික ප්‍රමාණයෙන් පරිශීලක දත්ත විශාල ඉලක්කගත වෙළඳ ප්‍රචාරණ පරිසර පද්ධතියක් තුලට ගෙන යාමයි. මේ නිසා පවතින තත්වය පෞද්ගලිකත්වය සදහා සුදුසු නැත” යනුවෙනුයි.

නව privacy policy යවත්කාලීනය facebook,instragram,massanger සදහා ඇතුළත් වුවත් ඒවා whatsapp,workplace,massenger kids හෝ facebook නොමැතිව භාවිතා කරන යෙදුම් සදහා අදාල නොවන බව ඔවුන් පවසනවා. ඒ ඔවුන් සතුව ඔවුන්ගේම privacy policy ඇති නිසායි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.