Categories

ජේම්ස් වෙබ් විසින් අගහරුගේ ප්‍රථම ඡායාරූප ලබා ගනී

විශ්වයේ ඇදහිය නොහැකි ඡායාරූප කිහිපයක් ග්‍රහණය කර ගැනීමට ප්‍රසිද්ධ නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් අපගේ අසල්වැසි ග්‍රහලෝකය වන අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ජේම්ස් වෙබ් විසින් සැප්තැම්බර් 5 වන දින අඟහරු ග්‍රහයාගේ ප්‍රථම ඡායාරූප සහ වර්ණාවලි ග්‍රහණය කර තිබෙනවා. 2021 දියත් කළ  NASA, ESA (යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය) සහ CSA (කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය) අතර ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන James Webb Space Telescope විසින් පසුගිය මාසයේදී බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ලබා දුන් අතර ග්‍රහලෝකය වටා ඇති අවුරෝරා සහ වළලු පිළිබදවද පෙන්වනු ලැබුවා.

NASA විසින් නිල බ්ලොක් අඩවියේ ජේම්ස් වෙබ් ලබාගත් අගහරුගේ ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශණය කර තිබෙනවා. ලබා ගත් එක් ඡායාරූපයක අගහරුගේ හියුජන්ස් ආවාටය, අඳුරු ගිනිකඳු සර්ටිස් මේජර් සහ හෙලස් ද්‍රෝණිය පිළිබද විස්තර සපයා තිබෙනවා.

Webb විසින් අගහරුගේ ප්‍රථම ඡායාරූප ලබා ගෙන තිබුණේ Near-Infrared Camera (NIRCam) මගිනුයි. අනාගතයේදී ග්‍රහලෝකය පුරා කලාපීය වෙනස්කම් ගවේෂණය කිරීම සඳහා මෙම රූප සහ වර්ණාවලීක්ෂ දත්ත භාවිතා කළ හැකි බවත් ග්‍රහලෝකයේ වායුගෝලයේ විවිධ වායූන්ගේ අංශු පිළිබඳවද සොයා බැලීමට මෙය උපකාරී වන බවත් නාසා ආයතනය ප්‍රකාශ කරනවා.

source

GADGET360

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.