Categories

සූර්ය බලය අභ්‍යාවකාශයේ සිට පෘථිවියට සම්ප්‍රේෂණය කිරීමට ජපානයෙන් මෙහෙයුමක්

අභ්‍යවකාශයේ රැස් කරන ලද සූර්ය බලය විද්‍යුත් බලය ලෙස නැවත පෘථිවියට සම්ප්‍රේෂණය කිරීම ජපානයේ දශක ගණනාවක් පුරා මෙහෙයුම වසර කිහිපයකින් යථාර්ථයට පියවරක් සමීප විය හැකිය.එයට හේතුව අද වන විට තාක්ෂණයේ හා විද්‍යාවේ පුළුල් දියුණුව බව ඔබත් මමත් දන්නා කරුණකි.

ඇමරිකානු භෞතික විද්‍යාඥයෙක් 1968 දී විදුලිය ජනනය කිරීම සඳහා සූර්ය පැනල අභ්‍යවකාශයට දියත් කිරීමේ සංකල්පය ප්‍රථම වරට යෝජනා කර තිබෙන නමුත් එමගින් ග්‍රහණය කරගන්නා සූර්ය බලය ක්ෂුද්‍ර තරංග බවට පත් කිරීම සඳහා සැතපුම් 22,000 කට වඩා දුරින් පිහිටි භූගත මධ්‍යස්ථාන වෙත යැවීමට පෙර විදුලිය බවට පරිවර්තනය කිරීම මෙම මෙහෙයුමේ මූලික අදහසයි.මෙය විශාල සාර්ථකත්වයක් අත්කරගනු ඇතැයි සිතීම නම් එතරම් දෙයක් නොවේ.මන්ද 1980 ගණන්වලදී අභ්‍යවකාශයේ මයික්‍රෝවේව් හරහා සාර්ථකව බලය සම්ප්‍රේෂණය කළ ලොව පළමු රට බවට ජපානය පත්ව තිබීමයි.Kyoto විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Naoki Shinohara විසින් මෙම ජයග්‍රහණය කළ කණ්ඩායම භාරගත් අතර, 2009 දී මීටර් 30 (අඩි 98.4) ක උන්නතාංශයක පියාසර කරන ගුවන් යානයක සිට පොළොව මත ඇති ජංගම දුරකථනයකට බලය සම්ප්‍රේෂණය කිරීමට මෙමගින් හැකියාව ලැබී තිබෙනවා.

ජපානය සහ එරට අභ්‍යවකාශ පරිපාලනයේ විද්‍යාඥයින් විසින් වයර් භාවිතයෙන් තොරව මීටර් 50 ක් පමණ දුරක තිබෙන කුඩා කේතලයක් බලගැන්වීමට ප්‍රමාණවත් වූ කිලෝවොට් 1.8ක බලයක් සාර්ථකව විකාශය කිරීමත් සමඟ තවත් ඉදිරි ගමනක් 2015දී සිදුවිය.ඉතින් 1kmක් සහ 5kmක් අතර දුර අනාගතයේ යම් අවස්ථාවක දී උත්සාහ කරනු ඇතැයි සිතීම එතරම් දෙයක් නොවේ.

විශාලතම අත්හදා බැලීම 2025 වර්ෂයේදී සිදුවීමට නියමිත අතර මෙමගින් අපේක්ෂා කරනුයේ කුඩා චන්ද්‍රිකා මගින් අභ්‍යවකාශයේ සිට භූගත ග්‍රාහක මධ්‍යස්ථාන වෙත විද්‍යුත් බලය යැවිය හැකිද යන්න සොයා බැලීමයි.මේ සඳහා විශාල පිරිවැයක් වැය කිරීමට සිදුවන අතර එය ඩොලර් බිලියන 7.1ටත් වඩා වැඩි විය හැකිය.

අද වන විට අභ්‍යවකාශයේ සිට බලය සාර්ථකව විකාශනය කිරීම ගෝලීය තරඟයක් බවට පත්ව තිබේ.මන්ද පිරිසිදු හා අසීමිත පුනර්ජනනීය බලශක්තිය රටවල් සඳහා සිත් ඇදගන්නා අපේක්ෂාවක් වන බැවිනි.