ජපාන පොලීසිය විසින් ප්රධාන අපරාධ සිදුවීමට පෙර ඒවා නැවැත්වීම සඳහා AI enhanced security cameras පරික්ශා කර තිබෙනවා.
මෙහිදී AI කැමරා machine learning රටා හඳුනා ගැනීම් තුනකට අවධානය යොමු කරනවා. ඒ අනුව සැක කටයුතු ක්රියාකාරකම් සඳහා Behavior detection (හැසිරීම් හඳුනා ගැනීම) , තුවක්කු සහ අනෙකුත් ආයුධ සඳහා සඳහා Object detection (වස්තු හඳුනා ගැනීම) සහ සීමා සහිත ප්රදේශ ආරක්ශා කිරීම සඳහා instrusion detection (ආක්රමණ හඳුනා ගැනීම) මේ තුනට අයත් වෙනවා.

ජපාන පොලිස් නිළදාරීන් පවසන්නේ 2024 මාර්තු වලට පෙර ඔවුන්ගේ AI test program එක දියත් කරන බවයි.
මෙම AI behavior detection machine learning algorithm එකට සැක සහිත පුද්ගලයින්ගේ රටා නිරීක්ශණය කිරීමට හැකි වන අතර එහිදී නොසන්සුන්කම, වේගවත් අක්ශි චලනය සහ වෙනත් වැරදි සහගත මනසක ලක්ශණ සහ හැසිරීම් කෙරෙහි අවධානය යොමු කරනවා.
එසේම AI Object detection මගින් ගිනි අවි සහ වෙනත් ආයුධ සහ සැක සහිත භාණ්ඩ හඳුනාගත හැකි අතර Instrusion detection හරහා අනවසර ඇතුළු වීම් හඳුනා ගැනීමට හැකි වෙනවා.











Leave a Reply
View Comments