Intel , ව්‍යාපාර වලට ආරක්‍ෂිත විසඳුම් ලබා දීම වැඩිදියුණු කිරීමට නවතම 12th Gen Intel Core ප්‍රොසෙසර් එක සහිත vPro platform එක හඳුන්වල දීල තිබෙනවා.
මේ Intel vPro එක ප්‍රභේද හතරකින් යුක්ත වෙනවා. එනම් Intel vPro Enterprise for windows, Intel vPro Essentials, Intel vPro Enterprise for Chrome හා Intel vPro Evo Design. ලෙසයි
Windows සඳහා වන නව Intel vPro Enterprise විශාල ව්‍යාපාර සඳහා ඉදිරිපත් කර ඇති අතර, Intel vPro Essentials කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සදහා වේ.
Intel vPro Enterprise for chrome, Chromebooks භාවිතා කරන ව්‍යාපාරයන් සඳහා වන අතර Evo Design, Notebooks සඳහා vPro සහ Evo platform දෙකඒකාබද්ධ කරයි.

“Intel vPro Enterprise for windows හා Essentials”,
12th Gen Intel Core U9, U15, P28, හා H25 ජංගම ප්‍රොසෙසර සඳහා සහය දක්වයි.”Intel vPro Enterprise for chrome” U9, U15 සහ P28 ප්‍රොසෙසර සඳහා සහය දක්වයි.

Intel’s Threat Detection Technology මගින් ප්‍රති-වයිරස මෘදුකාංග වැඩිදියුණු කරන අතර Chrome උපාංගවලට Intel Total Memory Encryption – Multi-Key හා Intel Key Locker විශේෂාංගද ලැබේ.
එසේම අමතර විශේෂාංගයක් ලෙස Intel Standard Manageability ඇතුළත් කර ඇත.











Leave a Reply
View Comments