Meta විසින් ලගදීම තෝරාගත් facebook පරිශීලකයන් හට profile 5ක් තනි ගිණුමකට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ලබනවා. ඒ අනුව ඉදිරියට පැමිණෙන පරීක්ශණයක කොටසක් ලෙස සමහර facebook පරිශීලකයන් හට අමතර profiles 4ක් නිර්මාණය කිරීමට අවසර හිමි වෙනවා. එසේම ඒ profiles සදහා තමන්ගේ සැබෑ නම වගේම අනන්‍යතාවයද ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
මෙමගින් පරිශීලකයන් හට විවිධ අරමුණු සදහා විවිධ පැතිකඩ භාවිතා කළ හැකියි. උදාහරණයක් ලෙස පවුලේ අය,මිතුරන් සමග සම්බන්ධ වීමට ප්‍රධාන ගිණුම භාවිතා කළ හැකි අතර රැකියාවට අදාල ක්‍රියාකාරකම් සදහා වෙනත් profile එකක් භාවිතා කළ හැකියි.
එහෙත් Meta හී ප්‍රකාශකයෙකු පවසා තිබුණේ එම පරිශීලකයන් දිගටම facebook rules පිළි පැදිය යුතු බවත්, වෙනත් පුද්ගලයින් ලෙස පෙනී සිටීම වැනි කටයුතු සදහා ඉඩ නොදෙන බවත් ය.
මෙම පරීක්ශණයට කොපමණ පරිශීලකයන් ප්‍රමාණයක් ඇතුළත් ද යන්න දැනට දන්නේ නැහැ.එහෙත් මෙය Facebook හී සියල්ලන්ටම නිකුත් කළහොත් එය facebook සදහා විශාළ බලපෑමක් සිදු කරනු ලබනවා. ඒ facebook platform එකෙහි විශාල ලෙස ගිණුම් නිර්මාණය වීමත්, ඒවා අනෙක් අයගේ සැබෑ නමට සම්බන්ධ වීමට ඉඩකඩ පවතින නිසත් ය. එසේම එය facebook හී දිගුකාලීන ප්‍රතිපත්ති පවලටද පටහැනි වෙනවා.











Leave a Reply
View Comments