Categories

facebook වල two factor authentication කියන්නෙ මොකක්ද ?

two factor authentication කියන්නේ අපේ facebook account වල අමතර ආරක්ශාව සදහා යොදාගන්න පුලුවන් ආරක්ශක ක්‍රමවේදයක්. සමහරු කියයි අපි strong පාස්වර්ඩ් දාලා තියෙන්නෙ ඒ නිසා අපේ account හැක් කරන්න බැහැ කියලා. ඒත් මතක තියාගන්න මේ වෙද්දි facebook users බිලියන 2.89ක් ඉන්නවා වගේම දවසකට අවම ගිණුම් 160,000 පමණ hack කරන බව.

two factor authentication මගින්, කවුරුහරි අපේ account එකට log වෙනවා නම් two factor authentication මගින් ඔයාගේ දුරකථනයට හෝ තෙවන පාර්ශ්වීය යෙදුමකට අනන්‍ය කේතයක් එවනවා. ඔයා මේ two factor authentication enable කරලා තියෙද්දි කවුරුහරි ඔයාගෙ ෆේස්බුක් පාස්වර්ඩ් හරහා ඔයාගෙ ගිණුමට ලොග් වෙන්න ගියත් ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. මොකද log වෙන්න නම් two factor code එක අත්‍යාවශ්‍යම නිසා.

How to enable two factor authentication

01.ෆේස්බුක් ඇප් එක open කරගන්න.

02. දකුණු පස ඉහල හෝ පහළ තිබෙන ඉරි තුන tap කරන්න.

03. එන ලැයිස්තුව පහලට කර settings & privacy තෝරා settings ටැප් කරන්න.

04.පසුව security යටතේ security and login තෝරන්න.

05. දැන් use two factor authentication ටැප් කරන්න.

06. text massage ටැප් කර ඔබගේ දුරකථන අංකය ඇතුළත් කරන්න. දැන් continue දෙන්න.

 

07. ඊට පස්සෙ ඔයා ඇතුළත් කරපු නම්බර් එකට අංක 6 කෝඩ් එකක් එයි. ඒක ඇතුළත් කරලා continue දෙන්න.

 

08. දැන් two factor authentication enable වෙලා තියෙන්නේ. කවුරු හරි ඔයාගේ එකවුන්ට් එකට ලොග් වෙනවා නම් මේ කෝඩ් එක හරහා ඔයාට ඒක දැනගන්න පුලුවන්.

 

ඔයා two factor authentication enable කරලා තියෙනවනම් ඔයාගෙ facebook account එකට වෙන අයෙකුට log වීමට හැකියාවක් නැහැ. ඒත් කවුරු හරි ඔයාට whatsapp හෝ massanger හරහා මෙම අංක 6 කෝඩ් එක ඉල්ලනවනම් ඒක දෙන්න එපා. ඒවගේම ඔයා වෙනත් device එකක් හරහා ලොග් වෙනවනම් facebook මගින් එවන 6 digit code එක පමණක් ඇතුළත් කරන්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.