Categories

Meta විසින් යුරෝපීය සංගමයේ DMA නීති මාලාවට යටත් වෙමින් WhatsApp සඳහා third-party chat සහාය ලබා දෙයි

Whatsapp විසින් ඔවුන්ගේ යෙදුම සඳහා third – party chat විශේෂාංගයක් නිකුත් කිරීමට සැළසුම් කරමින් සිටිනවා. ඒ යුරෝපා සංගමය නිකුත් කළ Digital Markets Act (DMA) පනතට යටත් වෙමිනුයි.

යුරෝපා සංගමය විසින් මෑතකදී Digital Markets Act (DMA) පනතක් නිකුත් කර තිබූ අතර එමගින් විවිධ යෙදුම් භාවිතයෙන් එකිනෙකා සමග සන්නිවේදනය කිරීමේ හැකියාව පරිශීළකයන්ට ලබා දීම සඳහා විශාළ තාක්ශණික සමාගම් සඳහා දැඩි නීති පනවනු ලබනවා.

2024 මාර්තු වන විට Whatsapp ඇතුළු සන්නිවේදන මෘදුකාංග, අනෙකුත් තෙවන පාර්ශවීය පණිවිඩ යෙදුම් සමග අන්තර්ක්‍රියා කළ යුතු බවට DMA නියම කරන අතර යුරෝපීය කොමිසම විසින් Meta සමාගම EU හී DMA පනත යටතේ “Gatekeeper” ලෙස නිළ වශයෙන් නම් කිරීමෙන් පසුවයි මෙම පියවර අරගෙන තිබෙන්නේ.

 

මේ හරහා වෙනත් පුද්ගලයින්ට Whatsapp ගිණුමක් නොමැතිව පවා Whatsapp පරිශීළකයන් සම්බන්ධ කරගත හැකි වෙනවා. උදාහරණයකට, Signal යෙදුම ඇති අයෙකුට Whatsapp ගිණුමක් නොමැතිව whatsapp පරිශීළකයෙකුට පණිවිඩ යැවීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

Whatsapp විශේෂයෙන් සඳහන් කරන්නේ මෙම third party chat විශේෂාංගය End to End encryption බවටයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.