Categories

ඉදිරි දශකය තුල මහා පරිමාණ අන්තර්ජාල බිදවැටීමක ලකුණු — නාසා ආයතනය සූදානමින්..!

පර්යේෂකයන් ඉදිරි දශකය තුල විශාල සුර්ය කුණාටුවක් මගින් මහා පරිමාණ අන්තර්ජාල බිදවැටීමක් ඇති කරන බව⁣ට ඉගි පලකර තිබෙනවා.

Irvine හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥවරියක වන Sangeetha Abdu Jyothi  2021 අධ්‍යයනයක දී පෙන්වා දුන්නේ ඉදිරි දශකය තුළ මාස ගනනාවක “ව්‍යසනකාරී” අන්තර්ජාල බිදවැටීමේ සම්භාවිතාව සියයට 1.6 සිට 12 දක්වා පවතින බවයි. ජ්‍යෝතිගේ වාර්තාවට අනුව මෙතරම් විශාල පරිමානයේ විදුලිය විසන්ධි වීම නිසා එක්සත් ජනපද ආර්ථිකයට දිනකට ඩොලර් බිලියන 7ක් වැය වනු ඇති බවට ගණන් බලා තිබෙනවා.
නමුත් නාසා විශේෂඥයින් වාර්තා කර ඇත්තේ පාකර් සූර්ය ගවේෂණ මගින්
අධික වේගයෙන් යුතු චන්ද්‍රිකා, අන්තර්ජාලය හා විද්‍යුත් ජාලයක් විනාශ කිරීමට බලය ඇති සූර්ය කුණාටු වල මූලාරම්භය තේරුම් ගැනීමට උපකාර වන සැලකිය යුතු නව හෝඩුවාවන් අනාවරණය කර ගෙන ඇති බවයි .

නාසා ආයතනයට අනුව, 2018 දී දියත් කරන ලද පාකර්, “සූර්යයාහි” ඉහළ වායුගෝලයට ඇතුළු වූ පළමු අභ්‍යවකාශ යානය බවට පත්වුනා. මෙහි ඉලක්කය වූයේ සූර්ය සුළං අධිධ්වනික වේගයට ළඟා වන ආකාරය සහ විශාල අභ්‍යවකාශ කාලගුණ පද්ධතියට බලපාන ආකාරය පරීක්ෂා කිරීමයි.

 

සාමාන්‍ය ගිනිදැල්වලට ඉහළින්, විද්‍යාඥයන් වසර 11ක සූර්ය චක්‍රයද පරික්ෂා කර ගණන් බලා ඇති අතර 2025 දී බලාපොරොත්තු වන චක්‍රයේ “උපරිම” වන විට, සූර්යයා මත විද්‍යුත් චුම්භක ක්‍රියාකාරකම් උපරිමයට පැමිණ, පෘථිවියේ ජීවයට බාධා කිරීමේ වැඩි අවදානමක් ගෙන එනු ලබනවා.
කෙසේ නමුත් අනතුර තක්සේරු කිරීමට උපකාර කිරීම සඳහා, NASA විසින් කෘතිම බුද්ධිය භාවිතා කරන නව පරිගණක ආකෘතියක් මෑතකදී නිර්මාණය කරනු ලැබුවා. එමගින් මිනිත්තු 30ක අනතුරු ඇගවීමේ කාලයකින් සුර්ය කුණා⁣ටුවක් පෘථිවියේ කොතැනකට පහර දේවිදැයි අනාවැකි කිව හැකි වනවා.

ලොව පුරා විදුලි ජාල ක්‍රියාකරුවන් සහ විදුලි සංදේශ සමාගම් විසින් සම්මත කර ගන්නේ නම්, නිලධාරීන්ට ඔවුන්ගේ පද්ධති Offline ලෙස ගෙනයාමෙන් හෝ තාවකාලික වසා දැමීම් නිකුත් කිරීමෙන් ඒවා ආරක්ෂා කර ගත හැකි වනවා.

නාසා ආයතනය පවසන්නේ පෙර සුදානම් සදහා ප්‍රමාණවත් කාලයක් ඇති බැවින් විදුලි සංදේශන සමාගම් හා අනෙකුත් විදුලි ජාල ක්‍රියාකරුවන් හට යටතල පහසුකම් වලට ඇතිවිය හැකි දැඩි බලපෑම් වලක්වා ගත හැකි බවයි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.