විශ්වයේ ඇදහිය නොහැකි ඡායාරූප කිහිපයක් ග්‍රහණය කර ගැනීමට ප්‍රසිද්ධ නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විසින් අපගේ අසල්වැසි ග්‍රහලෝකය වන අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ජේම්ස් වෙබ් විසින් සැප්තැම්බර් 5 වන දින අඟහරු ග්‍රහයාගේ ප්‍රථම ඡායාරූප සහ වර්ණාවලි ග්‍රහණය කර තිබෙනවා. 2021 දියත් කළ NASA, ESA (යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය) සහ CSA (කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය) අතර ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන James Webb Space Telescope විසින් පසුගිය මාසයේදී බ්‍රහස්පති ග්‍රහයා පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ලබා දුන් අතර ග්‍රහලෝකය වටා ඇති අවුරෝරා සහ වළලු පිළිබදවද පෙන්වනු ලැබුවා.


NASA විසින් නිල බ්ලොක් අඩවියේ ජේම්ස් වෙබ් ලබාගත් අගහරුගේ ප්‍රථම ඡායාරූප ප්‍රදර්ශණය කර තිබෙනවා. ලබා ගත් එක් ඡායාරූපයක අගහරුගේ හියුජන්ස් ආවාටය, අඳුරු ගිනිකඳු සර්ටිස් මේජර් සහ හෙලස් ද්‍රෝණිය පිළිබද විස්තර සපයා තිබෙනවා.
Webb got its first look at @NASAMars! ????
The close-up on the left reveals surface features such as Huygens Crater, dark volcanic Syrtis Major, and Hellas Basin, while the “heat map" on the right shows light being given off by Mars as it loses heat. More: https://t.co/7dVIr9g6NB pic.twitter.com/xOiPbz5nsT
— NASA Webb Telescope (@NASAWebb) September 19, 2022
Webb විසින් අගහරුගේ ප්‍රථම ඡායාරූප ලබා ගෙන තිබුණේ Near-Infrared Camera (NIRCam) මගිනුයි. අනාගතයේදී ග්‍රහලෝකය පුරා කලාපීය වෙනස්කම් ගවේෂණය කිරීම සඳහා මෙම රූප සහ වර්ණාවලීක්ෂ දත්ත භාවිතා කළ හැකි බවත් ග්‍රහලෝකයේ වායුගෝලයේ විවිධ වායූන්ගේ අංශු පිළිබඳවද සොයා බැලීමට මෙය උපකාරී වන බවත් නාසා ආයතනය ප්‍රකාශ කරනවා.
source











Leave a Reply
View Comments