සැප්තැම්බර් 18 Grand Theft Auto franchise හි සංවර්ධක වන Rockstar Games සඳහා අදුරුතම දිනයක් වන බවටනම් නොඅනුමානයි.
ඒ ඉදිරියේදී පැමිනීමට නියමිත GTA 6 හි photo මෙන්ම වීඩියෝ පවා ඔවුන් නොදැනුවත්ව අන්තර්ජාලයට නිකුත් වීම නිසායි.
Leak වු තොරතුරු වලින් තහවුරු වූ දේවල්.
මෙම වසර මුලදී, Bloomberg වාර්තා කළේ GTA VI හි කාන්තා චරිතයක් ඇතුලත්ව Play කළ හැකි චරිත දෙකක් ඇතුළත් වන බවයි.
එය තහවුරු කරමින් කාන්දු වූ වීඩියෝ දර්ශනවල කාන්තා චරිතයක් සහිත play කළ හැකි චරිත දෙකක් පෙන්වනු ලැබුවා.
එමෙන්ම, ට්විටර් පරිශීලකයන් කියා සිටියේ මෙම දර්ශනවල GTA මියාමි හි ප්‍රබන්ධ අනුවාදය වන වයිස් සිටි හා සමාන බව පෙනෙන නගරයක කොටස් ද පෙන්වන බවයි .
මෑත වසරවලදී වයිස් සිටි නැවත පැමිණීමට කාන්දුවීම් කිහිපයක් පෙන්වා දී ඇති අතර, මෙම කාන්දු වූ දර්ශන ඒ සඳහා ජීවමාන සාක්ෂියක් ද වනවා.

මූලාශ්‍රවලට අනුව, සමහර ක්ලිප්වල “Vice City” යන නම ලියා ඇති දැන්වීම් පුවරු සහ වාහන පවා ඇතුළත් වනවා.
එක් ප්‍රධාන පටයක අවන්හලක් කොල්ලකෑමට ලක්වන ආකාරය දැක්වෙන අතර, තවත් එකක තටාකයක් අසලදී චරිත දෙකක් අතර ඇතිවන දෙබස් කිහිපයක් හා පොලිස් ගැටුමක් පවා පෙන්නුම් කර තිබුණා.
මෙම වීඩියෝ පිලිබද නිශ්චිත දිනයක් වාර්තා නොවුනත් පරිශීලකයන් පවසන්නේ මේවායේ අසම්පූර්ණ බව නිසා මේවා මුල් සංවර්ධන අවධියේ ඒවා වන බවයි.
කෙසේ නමුත් GTA 6 ඇල්ෆා ගේම්ප්ලේ දර්ශනවල Nvidia GeForce RTX 3080 ග්‍රැෆික් කාඩ්පතක් ඇති බව පරිශීලකයින් කිහිප දෙනෙකු සඳහන් කර තිබු අතර RTX 3080, 2020 දී එළියට ආ බැවින්, වීඩියෝ 2020 හෝ ඊට පසු ඒවා බවත් සැලකෙනවා.
දැනටත් Rokstar Games නිල වශයෙන් මෙම දැවැන්ත කාන්දුවේ සත්‍යය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නැති වුවත්
විශ්වාසදායක මූලාශ්‍ර කිහිපයක් පෙන්වා දෙන්නේ මෙම කාන්දුව ඇත්ත වශයෙන්ම සැබෑ විය හැකි බවයි.
Not that there was much doubt, but I’ve confirmed with Rockstar sources that this weekend’s massive Grand Theft Auto VI leak is indeed real. The footage is early and unfinished, of course. This is one of the biggest leaks in video game history and a nightmare for Rockstar Games
— Jason Schreier (@jasonschreier) September 18, 2022
GTA 6 කාන්දුවේ බලපෑම පිළිබඳ තවත් ප්‍රධාන තහවුරු කිරීමක් පැමිණෙන්නේ Rockstar Games හි මව් සමාගම වන Take-Two Interactive විසින් සිදු කරන ක්‍රියාමාර්ග වලින්ය. GTAForums සහ බොහෝ GTA subreddits ඉදිරි මාතෘකාවලට සිදුවන හානිය පාලනය කිරීමට දැනටමත් lockdown කර තිබෙනවා.
එසේම කාන්දු වූ දර්ශන අප්ලොඩ් කළ යූ ටියුබ්කරුවන්ට TakeTwo විසින් දැනටමත් ඉවත් කිරීමේ දැන්වීම් නිකුත් කරමින් සිටිනවා.
TakeTwo is starting to roll out takedown requests #GTA6 pic.twitter.com/vjBCtg1JUQ
— Mors Mutual Insurance (@morsmutual_) September 18, 2022
මෙම GTA 6 කාන්දුවේ පරිමාණය Rockstar Games වලට ආකාර කිහිපයකින් හානි කිරීමට ප්‍රමාණවත් වුවත් මේවා කාන්දු කල පුද්ගලයා තවමත් තත්වය පිළිබඳව සෑහීමකට පත්වේ නැහැ.
මුල් කාන්දුවෙන් පැය 12 කට පමණ පසු, ඔවුන් තම පළ කිරීම යාවත්කාලීන කරමින් රොක්ස්ටාර්ගෙන් ඉල්ලා සිටියේ වැඩි අන්තර්ගතයක් කාන්දු වීම වැළැක්වීම සඳහා ඔවුන් සමඟ “ ගනුදෙනුවක් සාකච්ඡා කරන ” ලෙසයි.
“i am looking to negotiate a deal”
GTA VI leaker says they’ve woken up to thousands of messages and are calling on people from Rockstar/Take Two to contact them. pic.twitter.com/cnPs57NAt7
— Stephen Totilo (@stephentotilo) September 18, 2022
ඔහුගේ මෙම පළ කිරීම සත්‍ය නම්, ඔහුට කෙසේ හෝ GTA 5 සහ 6 හි මූල කේතය ලැබී තිබෙන බවට නොඅනුමානයි. එනිසාම එහි කාන්දු වීම වෙනත් ඕනෑම GTA 6 කාන්දුවට වඩා එම සමාගමට හානි කළ හැකි වනවා.
මේ වන විට කාන්දු වූ පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ සිටින ස්ථානය පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් නොමැති නමුත් සිත්ගන්නා කරුණ නම්, පසුගිය සතියේ සිදු වූ දැවැන්ත Uber දත්ත කඩකිරීම පිටුපස සිටි TeaPots නම් එම හැකර්වරයා මෙය පසුපස සිටින බව ඔවුන් ප්‍රකාශ කිරීමයි.
මෙම GTA 6 කාන්දුව Gaming ක්ෂේත්රයේ මහත් බලපෑමක් ඇති කර තිබෙන අතර එය Rockstar Games වලට පමණක් නොව සමස්ත ප්‍රජාවටම බලපානු ලබනවා. මීළඟ කාන්දුවේදී Game එකෙහි File ඇතුළත් වුවහොත්, GTA 6 නිකුත් කිරීමේ දිනයේ විශාල ප්‍රමාදයක් ඇති වනු නොඅනුමානයි.
Source – Beebom











Leave a Reply
View Comments