මෙම ප්‍රහාරකයා එහි අභ්‍යන්තර support account එකකටට ප්‍රවේශ වී Phishing mail ඇතුලත් කරමින් නිල 2k email එකෙන් පරිශීලකයන් හට mail යවා තිබුණා. මෙමගින් පරිශීලකයන් කීදෙනකුට බලපැම් එල්ල වී තිබේද යන්න තවමත් තහවුරු වී නැති නමුත් නැවත දැනුම් දෙනතුරු 2k support service සම්පූර්ණයෙන් වසාදමා තිබෙනවා.
අඟහරුවාදා දින ප්‍රහාරකයා පාරිභෝගික සහය සැපයීමට සහය වන එහි ප්‍රධාන ගිණුමක විස්තර ලබාගෙන තිබුණු අතර එමගින් ඔහු පද්ධතියට ඇතුලු වී පරිශීලක Email ලබාගෙන තිබුණා.
පසුව එම පරිශීලක Email වෙත Phishing link අඩංගුකරමින් නිල email යැවීමට කටයුතු කර තිබෙනවා.
ප්‍රහරය දැනගත් @2KSupport ටිවීට් කර තිබුණේ කරුණාකට 2k support service එකෙන් ලැබෙන Email කිසිවක් විවෘත නොකරන ලෙස හා එහි අඩංගු Link ක්ලික් නොකරන ලෙසයි.
Hey folks, please read an important message from our Customer Support team. Thank you. pic.twitter.com/yKI18eL7mY
— 2K Support (@2KSupport) September 20, 2022
මෙම නිල Tweet ප්‍රකාශයට පෙර පරිශීලකයෙකුට මෙම phishing email එක ලැබී තිබූ අතර සිද්ධිය දැනගත් ඔහු ප්‍රතිචාර දක්වා තිබුනේ “ඔබ හැක් වී ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා, හානිය වැඩිවීමට පෙර කරුණාකර ප්‍රකාශයක් කරන්න.” යනුවෙන්.
@2KSupport at this point its very clear that you guys got hacked on support things related.. make a statement already before the damage is too big.
— MTheGuy (@1MTheGuy) September 20, 2022
පැය නවයකට පසුව, 2K විසින් හැක් කිරීම තහවුරු කළ අතර ව්‍යාජ විද්‍යුත් තැපැල් නිල 2K ගිණුමකින් – තෙවන පාර්ශවීය වෙළෙන්දෙකු හරහා පැමිණෙන බව පිළිගත්තේය.
කෙසේ නමුත් දැනට ක්‍රෙඩිට් කාඩ්පත්, සැබෑ නම්, මුරපද සහ වෙනත් තොරතුරු වැනි ප්‍රවේශ විය හැකි අමතර දත්ත පිලිබද 2K සඳහන් කර නැහැ.
මෙම ප්‍රහාරය ආරක්ෂක සිදුරක් හරහා සාමාන්‍ය විනිවිද යාමක් නොවන අතර එය අභ්‍යන්තර පද්ධතියකට වලංගු පරිශීලක නාමයක් සහ මුරපදයක් සහිතව සිදු කරන ලද ප්‍රහාරයකි.
එබැවින් එවැනි ප්‍රහාඑයකින් ඊමෙල් වලට වඩා වැඩි දෙයක් ලබාගත හැකි බැවින් වඩාත් විමසිල්ලෙන් ඉන්න එක වැදගත්.
Source –techspot











Leave a Reply
View Comments