ට්විටර් දැන් එහි පරිශීලකයන් වැඩිපුරම ඉල්ලන ලද ” Edit Tweet ” feature එක ලබාදෙන්න සුදානම් වෙලා තිබෙනවා. වසර ගණනාවකට පසුව මෙම මස අගදී Twitter Blue ග්‍රාහකයින්ට මෙම Edit tweet විශේෂාංගය ලබා ගත හැකි වනවා.
Twitterට අනුව Tweet එකක් මිනිත්තු 30 ඇතුලත කීපවතාවක් Edit කල හැකිවනවා.
එමෙන්ම Edit කරන ලද Tweet එකක් icon එකක් හා වේලාවක් සමග දැක්වෙන අතර එනිසා මුල් tweet එක වෙනස් කර ඇති බව පරිශීලකයන්ට හදුනාගැනීමට පුලුවන්.

මූලික ගැටළු ග්‍රහණය කර ගැනීම සඳහා මුලින් කුඩා කණ්ඩායමක් සමඟ මෙම මූලික අභ්‍යන්තර පරීක්ෂණය සිදු කරන අතර පසුව මෙම එය Twitter blue පරිශීලකයන් වෙත ලබාදීමට නියමිතයි.
ට්විටර් හි පාරිභෝගික නිෂ්පාදන පිළිබඳ උපකුලපති ජේ සුලිවන් වසර මුලදී පැවසුවේ ට්වීට් එකක් Edit කිරීම වසර ගණනාවක් තිස්සේ වැඩිම ඉල්ලුමක් ඇති ට්විටර් විශේෂාංගය බවයි. ඉල්ලුම මෙන්ම එහි අනිසි භාවිතයන් ගැනද සාකච්ඡා මතුවෙමින් හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි මෙම විශේෂාංගයට විරුද්ධ වූ අතර 2020 දී ට්විටර් ප්‍රකාශ කලේ එය කිසි විටකත් Edit Button එකක් ලබා නොදෙන බවයි.
Twitter එහි Blue Subscription සඳහා සංස්කරණය කළ හැකි ට්වීට් ලබාදීමට නියමිත අතර ඒ සදහා $4.99කට Blue Subscription එක ලබාගත යුතු වනවා.
මෙම Blue subscription එක තුලට Undo feature එකක්, Customize කර හැකි Navigation bar එකක්,
මෙන්ම තවත් විශේෂාංග බොහොමයක් ඇතුලත් වනවා.
Source – The Verge











Leave a Reply
View Comments