JBL විසින් ලොව පළමු smart charging case සහිත earbud එකක් හදුන්වා දීලා තියෙනවා. මෙම Tour Pro 2 buds එක 1.45-inch LED touchscreen display එකක් සමග පැමිණෙනවා. එමගින් earbud එකෙහි ඉතිරිව ඇති battery ප්‍රමාණය පෙන්වන අතරම පරිශීලකයන් හට ඔවුන්ගේ messages සහ social media notification ආදියද, වේලාවද බලාගත හැකියි. මෙය bluetooth 5.3 මගින් සම්බන්ධ වන අතර voice calls සදහා microphone 6ක් තිබෙනවා.
battery life එක බැලුවොත් earbud දෙකෙහි පැය 10ක ආයු කාලයක් තිබෙන අතර touchscreen එක මගින් අමතර පැය 30ක listening time එකක් ලබා දෙනවා.
මෙය 2023 ජනවාරි වල black හෝ champagne වලින් පැමිණීමට නියමිතයි. එහි මිල $250කින් (lkr 88,337.00)සමන්විතයි.
source







Leave a Reply
View Comments