Categories

Windows සහ macOS සදහා චීනෙන් අභියෝගයක්

දේශීය desktop OS එකක් නිර්මාණය කිරීමට චීනය විසින් අවුරුදු ගණනාවක් තිස්සේ උත්සහා කළත් තවමත් සැළකිය යුතු ආකාරයේ ප්‍රගතියක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වෙලා නැහැ. ඒ බොහෝ ආයතන වගේම පුද්ගලයින් microsoft windows OS එකත් සමග රදා පවතින නිසායි. එහෙත් china පවසන්නේ ඉදිරියේදි එය වෙනස් විය හැකි බවයි.

South China Morning Post හි වාර්තාවකට අනුව චීනය විසින් ඇමරිකාවේ නිශ්පාදිත wondows, macOS ආකාරයේ OS සදහා replace කිරීමට ඔවුන්ගේම desktop OS එකක් සංවර්ධනය කිරීමට පටන් ගෙන තිබෙනවා.

චීන රජයට අයත් China Electronics corporation හී අනුබද්ධ සමාගමක් වන Kylinsoft මෙහි මූලිකත්වය ගෙන තිබෙනවා. ඒ සදහා මෙම සමාගම National Industrial Information Security Development Research Center වැනි දේශීය ආයතන කිහිපයක් සමගම හවුල් වී තිබෙනවා. ඔවුන්ගේ පළමු ඉලක්කය වනුයේ programmersලා දායක වීම දිරි ගැන්වීම සදහා “openkylin” නම් open source code community එකක් පිහිටුවීමයි.

දැනට windows චීනයේ වෙළදපල කොටසින් 85% ප්‍රමාණයකට ආධිපත්‍යය දරන අතර macOS 6% වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත වෙනවා.

freeBSD වෙතින් 99% කට වඩා වැඩි code ප්‍රමාණයක් සොරකම් කරගෙන kylin linux සදහා භාවිත කරන අතර මෙහි නවීන අනුවාද linux මත පදනම් වූ ඒවද වෙනවා. එසේම windows සහ macOS දෙකෙහිම ඇති
UI මෙහිද ඇතුළත් වෙනවා.

කෙසේ උවත් චීනයේ පර්‍යේශකයින් පවා මේ ව්‍යාපෘතිය පිළිබදව විශ්වාස නොකරන අතර
බීජිං හි ප්‍රවීණ විශ්ලේෂකයෙකු වන Liu Dingding විසින් Global Times වෙත පවසා තිබුණේ Windows සහ macOS වලට අභියෝග කිරීම අපහසු වනු ඇති බවයි.

 

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.