Categories

Computer basic for beginners part 04

Computer basic for beginners part 03 මගින් අපි සාකච්ඡා කරා පරිගණකයක තියෙන කොටස් මොනාද කියලා. ඉතින් part 04 මගින් අපි බලමු motherboard එකක තිබෙන ports මොනාද කියලා.

 

COMPUTER PORTS

ආදාන/ ප්‍රතිදාන උපාංග හෝ දෘඩාංග පරිගණකයට සවි කිරීම සදහා පරිගණකයේ තිබෙන jack හෝ socket එකක් port එකක් විදියට හදුන්වන්න පුලුවන්. මේවා සාමාන්‍යයෙන් communication ports ලෙසද හදුන්වනවා. බාහිර උපාංග මෙම ports හරහා පරිගණකයට සම්බන්ධ කරනු ලබනවා. mouse, keyboard, monitor, speaker ආදිය ports හරහා සම්බන්ධ වන උපාංග සදහා උදාහරණ කිහිපයක්.

motherboard එකෙන් motherboard එකට backpanel ports වෙනස් වුවත් බොහෝ ඒවා අනිවාර්‍යයෙන් අන්තර්ගත වෙනවා.

01. PS/2

mouse සහ keyboard සම්බන්ධ කිරීම සදහා IBM විසින් PS/2 connector සංවර්ධනය කර තිබෙනවා. මෙය personal systems/2 සමග හදුන්වා දුන් අතර ඒ නිසා එයට PS/2 ලෙස නම් කර තිබෙනවා. ඔ

මෙය pin 6කින් සමන්විත අතර කොළ පැහැති PS/2 mouse එකටත් දම් පැහැති PS/2 keyboard සදහා සකස් කර තිබෙනවා. මෙම ports 2කම එක සමාන වුනත් මෙම connector මාරු කර සම්බන්ධ කලොත් පරිගණකය මගින් එය හදුනා ගන්නේ නැහැ.

කෙසේ නමුත් වර්තමානයේ පවතින සමහර නවීන motherboard තුළ මෙම PS/2 ports ඇතුළත් වෙන්නෙ නැහැ. ඒ වර්තමානයේ බොහෝ mouse, keyboard USB ආකාරයෙන් පැමිණීම නිසයි.

02.SERIAL PORT

බාහිර modems සහ පැරණි පරිගණක mouse සදහා serial port භාවිත කරනු ලැබුවා. මෙය 9 pin සහ 25 pin ආකාරයෙන් model 2ක් පවතිනවා. මෙහි data හුවමාරු වේගය තත්පරයට කිලෝ බයිට් 115ක් වෙනවා.

කෙසේ වෙතත් වර්තමානයේදි මෙම serial ports භාවිතය අඩු වෙමින් පවතින අතර ඒ සදහා USB භාවිතා කරනු ලබනවා.

03. PARALLEL PORT

මෙය scanner සහ printer සම්බන්ධ කිරීම සදහා භාවිතා කරනු ලබන අතර මෙය printer port ලෙසද හදුන්වනවා. මෙය pin 25 කින් සමන්විත වෙනවා.

04. VGA PORT

Video Graphics Array (VGA) port කියන්නේ පරිගණකයේ video ප්‍රතිදානය සදහා භාවිතා කරන connector එකක්. මෙහිදී VGA port එකෙහි සිදුරු 15ක් ඇති අතර VGA cable එකෙහි pin 15ක් තිබෙනවා. කෙසේ වෙතත් VGA PORTS දැනට භාවිතයෙන් අඩු වී යන අතර ඒ සදහා HDMI සහ USB ආකාරයෙන් cable පැමිණ තිබෙනවා. මෙය මොනිටර් එක පරිගණකයට සම්බන්ධ කිරීමට භාවිතා කරනවා.

05. POWER CONNECTOR

පරිගණකය සදහා බලය ලබා දීම සදහා මෙම port එක පවතිනවා. පරිගණකයෙන් පරිගණකයට වෙනස් power connector පවතිනවා.

06. ETHERNET PORT

ethernet කියන්නේ ඔයාගේ පරිගණකය අන්තර්ජාලයට හෝ වෙනත් පරිගණකයකට හෝ වෙනත් නෙට්වර්ක් උපාංගයකට සම්බන්ධ කිරීමට භාවිතා කරන port එකක්.
එම උපාංග network cable එකක් හරහා පරිගණකයට සම්බන්ධ කරනු ලබනවා.

RJ 45

ethernet ports සදහා RJ 45 connector යොදා ගන්නා අතර මෙය computer networking සහ telecommunications සදහා භාවිතා කරනු ලබනවා.

RJ 11

RJ 11 ලෙසද connector එකක් භාවිතා කරනු ලබනවා. මෙය RJ 45 එකට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙනවා. එය telephone,modems සහ ADSL connections සම්බන්ධ කිරීම සදහා යොදාගන්නවා. කෙසේ වෙතත් මෙය භාවිතයෙන් අඩු වෙමින් තිබෙන අතර වර්ථමානයේදි RJ 45 භාවිතා කරනවා.

 

07. USB PORT

1997 දී හදුන්වා දුන් Universal Serial Bus (USB) port එක serial ports, parallel ports, PS/2 connectors සදහා ආදේශකයක් ලෙස පැමිණියා. USB හරහා external hard disk, printer, scanner, mouse, keyboard සම්බන්ධ කරන්න හැකියාව තිබෙනවා.

USB TYPE – A සහ USB TYPE- C ලෙස වර්ග දෙකක් තිබෙනවා.

USB type A

USB type A හී විවිධ versions තිබෙනවා. එ USB 1.0 , USB 2.0, USB 3.0 යනුවෙනුයි. වර්ථමානයේදී USB 3.1 version එකක් ද නිකුත් කර ඇති අතර එය 10Gbps ට වැඩි data rate සදහා සහය දක්වනවා.

USB type C

මෙය USB type A සදහා අනාගතයේදී ආදේශකයක් ලෙස නිකුත් කිරීමට නියමිත අතර දැනට මෙය ජංගම දුරකථන සදහා භාවිතා කරනු ලබනවා.

08. HDMI PORT

High Definition Media Interface(HDMI) කියන්නේ high definition සහ Ultra High Definition devices සම්බන්ධ කිරීමට පවතින port එකක්. උදාහරණ ලෙස Computer monitors, HDTVs, Blu-Ray players, gaming consoles, High Definition Cameras  හදුන්වන්න පුලුවන්.

09. AUDIO PORT

පරිගණකයට speakers සහ microphone සම්බන්ධ කිරීම සදහා audio port භාවිතා කරනු ලබනවා. මෙය වර්ණ 3කින් සමන්විත වනවා.

  • line out සදහා green color:- speakers හෝ headphone
  • line in සදහා blue color :- music player හෝ audio devices
  • pink color :- microphone

ඉතින් මම හිතනවා motherboard ports ගැන යම් අවබෝධයක් එන්න ඇති කියලා. ඊලග part එකෙන් තවත් විස්තර කතා කරමු.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.