Categories

විද්‍යාඥයින්, අංශභාග රොගීන්ට තමන් විසින්ම ආහාර ගතහැකි මොලයෙන් පාලනය වන රොබො අත් නිපදවයි.

Brain-computer interfaces මැතකදි විශාල දියුණුවක් පෙන්නුම් කරල තියෙනවා.

උදාහරණයක් විදියට රොගීන්ට තම නැතිවුණු ක්‍රියාකාරීත්වයන් මනසින් පාලනය කල හැකි රොබො අත් පාද මගින් නැවත ලබා ගැනීම පෙන්වා දෙන්න පුලුවන්.
මේ අංශයේ විශේෂ පියවරක් වෙන්නෙ ආහාර ගැනීම වගෙ සංකීර්ණ කාර්යයක් අනුකරනය කිරීමටට හැකිවීම.

අංශභාග රෝගියෙක් වසර 30 කට පස්සෙ පලමු වරට තමන්ගෙ මොළය සමඟ දුරස්ථව පාලනය වන රොබෝ අත්වලින් ආහාර ලබාගෙන තිබෙනවා.මේ සදහා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන බහු පියවර ක්‍රියාවක් සිදු කිරීමට brain-computer interface එක හදල තියෙන්නෙ මේරිලන්ඩ් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින්.

මේ පරීක්ෂණයට භාජනය වූ පුද්ගලයා දශක තුනකට පෙර කොඳු ඇට පෙළේ ආබාධයකට ලක් වූ අතර එමඟින් ඔහුට අතේ කොටසක් චලනය කල හැකි වූ නමුත් ඔහුගේ ඇඟිලිවලින් කිසිදු ප්‍රයෝජනයක් නොතිබුණි. පර්යේෂකයන් විසින් ඔහුගේ මොළයට electrode array තැන්පත් කල අතර පසුව ඔහුට ආහාර කැබැල්ලක් කපා එය මුඛයට යොමු කිරීම සඳහා කෘතිම දෑත් හැසිරවිමට හැකි වී තිබුණා.

විද්‍යාඥයින් මුලින් ගෑරුප්පුවක් හා පිහියක් සවි කර පරිශීලකයා ,පිගාන හා ආහාර කොහේදැයි දැනගැනීමට රොබො අත් පා කලින් ක්‍රමාංකනය කල අතර එහිදී මුලික අභියොගය වූයේ පරිශීලකයාගේ බහු චලන විධාන නිසි පිලිවෙලට අර්ථකථනය කිරීමයි.
අත්හදාබැලීම් 37ක් සිදු කල අතර එයින් 26 සාර්ථක වී තිබුණා. අනික් අවස්ථා 11 දීම රොබො අතට ආහාර වෙත ලගාවීමට නොහැකි වුනා.

මේ පිලිබද තවමත් පර්යේෂන සිදු කරන අතර ඉදිරියේදී අත් පා අහිමි වූවන්ට තම හැකියාවන් නැවත ලබා ගැනීමට වැඩි කල් ගත නොවනු ඇති බව සහතිකයි.

 

 

Source- Techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.