Categories

Meta විසින් Meta avatars sotore  එකක් දියත් කරයි

Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ප්‍රකාශ කලේ සමාගම විසින් “Meta Avatars Store” නමින් ඩිජිටල් නිර්මාණකරුවන්ගේ ඇඳුම් අලෙවිසැලක් දියත් කරන බවයි.  Instagram fashion partnerships හි උප සභාපති Eva Chen සමග සජීවී සාකච්ඡාවකදීයි මේ බව නිවේදනය කරනු ලැබුවේ.

මෙම නව virtual store එක ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් හි දියත් කරන අතර එමගින් පරිශීලකයින්ට ඔවුන්ගේ avatars සඳහා ඩිජිටල් ඇඳුම් මිලදී ගැනීමට ඉඩ ලබා දෙනවා. මෙය ලබන සතියේ ආරම්භ වන අතර මුලින් Balenciaga, Prada සහ Thom Browne වෙතින් ඩිජිටල් ඇඳුම් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. Meta විසින් මෙම digital cloth  සඳහා මිල ගණන් ආදියේ තොරතුරු කිසිවක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.
එසේම සකර්බර්ග් පවසන්නේ මෙය සංවර්ධකයින්ට ඇඳුම් නිර්මාණය කිරීමට සහ විකිණීමට හැකි විවෘත වෙළඳපොළක් බවට පත් කිරීමට මෙටා සැලසුම් කරන බවයි.

 

“අපි අපගේ Avatars වෙළඳසැල Facebook, Instagram සහ Messenger හි දියත් කරන්නෙමු, එවිට ඔබට ඔබේ avatar හැඩගැන්වීම සඳහා ඩිජිටල් ඇඳුම් මිලදී ගත හැකිය” යනුවෙන් Zuckerberg නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

Meta Avatars store ලබන සතියේ එක්සත් ජනපදය, කැනඩාව, තායිලන්තය සහ මෙක්සිකෝව තුළ එළිදැක්වීමට පටන් ගන්නා අතර කඩිනමින් වෙළඳසැල සඳහා නව සන්නාම හඳුන්වා දීමටත් සමාගම සැලසුම් කරනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.