ලොව වැඩියෙන්ම භාවිතා කළ web browser එක වූ Microsoft Internet Explorer විශ්‍රාම යවා තිබෙනවා. ඒ අනුව පුරා වසර 27ක් පමණ microsoft හී iconomic web browser එක ලෙස ක්‍රියාත්මක වුණු Internet explorer හී සේවය 2022 ජූනි 15 දිනෙන් අවසන් කර තිබෙනවා.

IE හෝ MSIE ලෙස කෙටියෙන් හැදින්වූ මෙය 1995 දී Add-on package එකක් ලෙස windows 95 සමග ප්‍රථම වරට එළිදක්වනු ලැබුවා. ලෝකයේ බොහෝ දෙනෙක්ට එය world wide web හී ප්‍රථම හදුන්වාදීමද වූවා.
microsoft විසින් 1995 සිට 2013 දක්වා Internet explorer web browser සදහා version 11ක් නිකුත් කර ඇති අතර එහි අවසාන version එක වූයේත් 2013 දී windows Edge ප්‍රතිස්ථාපනයට පෙර නිකුත් කළ Internet Explorer 11 version එකයි.

Internet Explorer හී භාවිතය අඩු වීමට එහි මන්දගාමී බව හේතු වුණා. ඒ වගේම 2002 දී firefox එකත් 2008දී Chrome එකත් එළි දැක්වීම Internet Explorer වල කඩා වැටීමට විශාල හේතුවක් වුණා. ඒ අනුව 2012 දී Internet Explorer අභිබවා ලොව වැඩියෙන්ම භාවිතා කරන web browser එක බවට Chrome පත් වුණා.
Internet Explorer හී විශ්‍රාම යාමත් සමග ඒ microsoft හී web browser ලෙස microsoft Edge ක්‍රියා කරනු ලබනවා. කොහොම උනත් ලෝකයේ කාටවත්ම Internet Explorer නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ. මොකද එය microsoft සතු අමරණීය web browser එකක්.











Leave a Reply
View Comments