බොහෝ අය ‘Twitter- Killer’ ලෙස හඳුන්වන මාක් සකර්බර්ග් ගේ නවතම සමාජ මාධ්‍ය වේදිකාව වන Threads හී ඡායාරූප අද නිකුත් කර තිබෙනවා.
Threads යෙදුම Twitter හා සමාන වන අතර පරිශීලකයන් හට Instagram හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අදහස් ඡායාරුප රහිතව හෝ සහිතව පළ කිරීමට ඉඩ සැලසෙනවා.


දෛනික පරිශීලකයින් මිලියන 500 සිටින Instagram වෙත Threads යෙදුම link කිරීමෙන් එය Twitter වෙත විශාළ බලපෑමක් කරන බවත්, මෙය ඉලෝන් මස්ක් මුහුණ දෙන විශාළතම තර්ජනය බවත් බොහෝ විශේෂඥයින් පවසනවා.

Threads යෙදුම Instagram app ලෙස ලැයිස්තු ගත කර තිබෙන අතර Appstore හී විස්තර කර තිබෙන්නේ ‘Instagram’s text-based conversation app…. where communities come together’ ලෙසයි.
ඇපල් පරිශීලකයින්ට මෙම යෙදුම App store තුළ දැකගත හැකි වුවත් රටවල් කිහිපයක Android පරිශීලකයින් හට පමණක් මෙය Play store තුළ දැකගත හැකි වෙනවා.
මෙහිදී Instagram හරහා Threads වෙත ලොග් වීමට සකස් කර ඇති බැවින් instagram හී සිටින followers ලා Threads හීද follow කිරීමට හැකියාව ලැබෙනවා.











Leave a Reply
View Comments