Categories

Whatsapp support ලෙස පෙනී සිටින fake whatsapp accounts සොයාගනී

whatsapp support ලෙස පෙනී සිටිමින් පරිශීලකයින් සම්බන්ධ කරගන්නා fake whatsapp ගිණුම් සොයා ගෙන තිබෙනවා.එවැනි සැක සහිත ගිණුමකින් පණිවිඩ ලැබීමේදි ප්‍රවේශම් වන ලෙස ඔවුන් ප්‍රකාශ කරනවා.whatsapp පරිශීලකයෙකුට whatsapp support ලෙස පෙනී සිටින fake ගිණුමකින් පණිවිඩ ලැබී ඇති අතර එය දත්ත සොරකම් කරන fake ගිණුමක් ලෙස සැක කර ඔහු විසින් එම ගිණුම report කර තිබෙනවා. මෙම fake account වලින් බොහොමයක් verify badge සහිත profile photo එකක් භාවිතා කරනු ලබනවා.

whatsapp verified ගිණුමක් හදුනා ගන්නේ කොහොමද ?

whatsapp verified ගිණුමක whatsapp කියන contact name එකත්, contact name එකට පසුව verified badge එකත් සදහන් වෙනවා. fake ගිණුමක නම් මේ verified badge එක සදහන් වෙන්නේ නැහැ. මෙම ගිණුම්, profile photo එක තුල verified badge එක ඇතුළත් කරමින් පරිශීලකයින් රවටනු ලබනවා.

මොවුන් විසින් ඔබගේ credit card විස්තර සහ 6 digit code ආදිය ඉල්ලා සිටිනවා. official whatsapp මගින් කිසිවිටකත් මෙම විස්තර ඉල්ලා නොසිටින අතර යමෙක් එසේ ඉල්ලයි නම් එය fake ගිණුමකි. කවුරුන් හෝ මෙසේ විස්තර ඉල්ලයි නම් ඔවුන්ව block & report කරන ලෙස whatsapp පවසනවා. report කිරීම මගින් conversation එකෙහි අන්තිම massages 5 official whatsapp moderation team එකට යවන අතර ඔවුන් එය පරික්ශා කර අත්හිටවනු ලබනවා.

මෙය whatsapp වලට පමණක් සීමා නොවන අතර ඕනෑම ආකාරයකින් ඕනෑම අයෙකු fake ගිණුම් ලෙස පෙනී සිටිමින් ඔබේ තොරතුරු ලබා ගන්න තැත් කරනු ලබනවා. මේ නිසා සැක සහිත ගිණුම් මගින් පණිවිඩ ලැබීමේදී ප්‍රවේශම් වන්න.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.