Categories

Whatsapp විසින් in app grocery shopping නිකුත් කරයි

Meta messenger platform එකෙහි සුපිරි බව තහවුරු කරමින් WhatsApp හි ප්‍රථම end to end encription grocery shopping option එක දියත් කරන බව Meta නිවේදනය කරලා තියෙනවා. ඒ අනුව whatsapp විසින් ප්‍රථම වරට ඉන්දියාවේ grocery shopping ආරම්භ කර තිබෙනවා. මෙමගින් පරිශීලකයින්ට chat හරහා සෘජුවම මාර්ගගත සිල්ලර බඩු සාප්පු සවාරි කිරීමට අවස්ථාව හිමි වෙනවා.

මෙය Meta සහ ඉන්දීය e-commerce platform එකක් වන Jiomart අතර සහයෝගිතාවයෙන් ආරම්භ කර තිබෙනවා. එමගින් ඉන්දීය whatsapp පරිශීලකයන් හට whatsapp chat එකක් ඔස්සේ Jiomart bussiness account වෙත පිවිසී shopping කිරීමට, අයිතම cart සදහා එකතු කිරීමට සහ මුදල් ගෙවීමට හැකියාව ලැබෙනවා.

එසේම මිලියන 400 කට අධික පරිශීලකයින් සිටින WhatsApp හි විශාලතම වෙළඳපොල ඉන්දියාව වන අතර, මෙම නව සාප්පු සවාරි සේවාව සාර්ථක වුවහොත් ඉක්මනින්ම වෙනත් රටවල් කරාද මෙය ව්‍යාප්ත වන බවට බොහො දෙනා ප්‍රකාශ කරනවා.

source
TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.