මීට කලින් beta වල chat සහ group සදහා media යැවීමේදී නවීකරණය කරන ලද caption view එකක් දැකගන්න ලැබුණත් සමහර නොදන්නා හේතු නිසා එය් නැවත අක්‍රීය කර තිබුණා. දැන් නැවතත් එය beta සදහා පැමිණ තිබෙනවා.

ඉහත screenshot එකෙහි දැක්වෙන පරිදි මෙම caption view මගින් status update ඇතුළුව media send කිරීමේදි අමතර recipients තේරීමේ හැකියාව ලබා දෙනවා.
මේ නිසා status update කල පසුව වෙනත් අය සදහා වෙනම media forward කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද status update තුළින්ම එම media යැවීම සදහා අමතර පුද්ගලයින් තේරිය හැකි නිසා.
මෙය නැවත beta පරිශීලකයන් සදහා නිකුත් කරමින් සිටින අතර අනෙකුත් whatsapp පරිශීලකයන් සදහා මෙය ඉදිරි සති වලදී නිකුත් වීමට නියමිතයි











Leave a Reply
View Comments