whatsapp විසින් delete for everyone සදහා අලුතෙන් දින 2ක time limit එකක් හදුන්වා දීලා තිබෙනවා. මෙමගින් පරිශීලකයන් හට ඔවුන් යවන ලද messages delete කිරීම සදහා වැඩිපුර කාල සීමාවක් ලැබෙනවා.

දැනට whatsapp තුළ delete for everyone සදහා පැය 1යි විනාඩි 8 ලෙස limit එක තිබෙනවා. ඒ අනුව මෙම නවතම feature එකත් සමග එම time limit එක දින 2ක් සහ පැය 12ක් දක්වා වැඩි වී තිබෙනවා.
එසේම group chat තුළ delete for everyone සදහාද තවත් feature එකක් අත්හදා බලන බව wabetainfo විසින් සදහන් කර තිබෙනවා. බීටා පරිශීලකයන් සදහා ඉදිරියේදි මෙය නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර නිල වට්සැප් සදහා නිකුත් කරන දිනයක් තවමත් ප්රකාශ කර නැහැ.











Leave a Reply
View Comments