Categories

නිර්නාමික බව අවසන් කරමින් විද්‍යාඥයන් විසින් ලොව ඕනෑම තැනකින් මිනිස් DNA හඳුනාගත හැකි ක්‍රමයක් සොයාගනී

වාතයෙන්,ජලයෙන් සහ වැළි සහිත වෙරළක ඇති පා සළකුණකින් පවා මිනිස් DNA හඳුනාගත හැකි බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මිනීමරුවන් විසින් මරන ලද පුද්ගලයින්ගේ සිරුරු වල නිශ්චිත ස්ථානයක් ඔවුන් හෙළි නොකරන විට මෙම DNA ඩ්‍රෝන හරහා එම ස්ථාන සොයාගැනීමට ඉදිරියේදී උපකාරි වන බවයි.

එසේම මේ හරහා අතුරුදහන් වූවන් සහ අපරාධ සිදු වූ ස්ථාන වල සිටි අපරාධකරුවන් පවා සොයාගැනීමට පහසු වෙනවා.

මෙම සොයාගැනීම පිටුපස සිටින්නේ පරිසරයේ ඇති DNA යොදාගෙන කැස්බෑවන්ගේ රෝග පිළිබඳව පර්‍යේශණ් සිදු කරන විද්‍යාඥයන් පිරිසකුයි.

It emerged it is possible to remove DNA in the air from a veterinary hospital building, the water in rivers and oceans, and even the sand on a beach. Pictured: Fiona Duffy and D. Duffy filtering a water sample, Wicklow, Ireland

 

පරිසරයෙන් ලබාගත් DNA පිළිබඳ පර්‍යේශණ කරන අවස්ථාවේදී එම සාම්පල වල මිනිස් DNA විශාළ වශයෙන් හමු වූ නිසා ඒ ගැන වැඩිදුර පරීක්ශණයට යොමුව තිබෙනවා.

ඒ අනුව පශු වෛද්‍ය රෝහලක වාතයෙන්, ගංගාවල හෝ සාගර වල ඇති ජලයෙන් වගේම වෙරළවල් වල තිබෙන වැළි වලින් පවා මෙම DNA වෙන් කරගත හැකි බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.

මෙම DNA මගින් මිනිසුන්ගේ ප්‍රෙවේණි සම්භවයද (ඔවුන් යුරෝපීයන්ද ), යමෙකුට දියවැඩියාව, ඔටිසම් සිට හෘද රෝග දක්වා රෝග ඇති වීමේ අවදානමද පෙන්නුම් කර තිබෙනවා. ඒ ජලයෙන් ලබාගත් DNA සාම්පල 6ක සහ වාතයෙන් ලබාගත් DNA සාම්පල 2ක ප්‍රතිඵල මත පදනම්වයි.

කොහොම වුණත් මිලියන සංඛ්‍යාත ජනතාවකගෙන් පර්‍යේශණ සඳහා DNA ලබා ගැනීම හෝ ඔවුන් ස්වේච්ඡාවෙන් DNA ලබා දීම මගින් විශාල ජාන සමුදායක් නිර්මාණය කිරීමේ අවදානමක්ද පවතින බව විද්‍යාඥයන් පවසනවා. ඒ රක්ශණ සමාගම් වැනි මිනිසුන්ගේ අනාගත රෝග තොරතුරු ලබා ගැනීමට උනන්දුවක් දක්වන සමාගම් විසින් මෙම තොරතුරු අනිසි ලෙස භාවිතා කළ හැකි නිසයි.

එසේම පුද්ගලයින්ගේ අනුදැනුමකින් තොරව වාතයෙන් හෝ ජලයෙන් ලබාගන්නා ලද DNA, ඔවුන්ගේ පුද්ගලිකත්වය සඳහා ඊටත් වඩා දරුණු ලෙස බලපාන බව මෙහිදී විද්‍යාඥයන් සඳහන් කරනවා

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.